වැඩට යන ඔබට, ඔබත්, සමත් ආරක්ෂා කරගන්න ලේසිම ලේසි Cleansing Ritual එකක්

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

මේ දවස් වල වැඩට යන එක challenge එකක්. කොණ්ඩය උඩට කරලා බැඳලා, Mask එක දාල, Hand Sanitizer එක අමතක නොකර, අපි හැමෝම වැඩට යන්නේ බොහොම පරිස්සමට. දිනපතා වැඩට යන කොට තමන්ගේ සෞඛ්‍ය ගැන ආරක්ෂාකාරී වෙන එක ඉතාමත් වැදගත්. ඒ වගේම, ඔබේ සමේ ආරක්ෂාව ගැනත් සිතන්නට අමතක කරන්න එපා.

Mask-ne

දිනපතා පැය ගණනක් mask එක දාගෙන සිටීමේ අතුරුඵලයක් වන්නේ, mask එක නිසා සම මතුපිට ඇතිවන කුරුලෑ. නැතිනම් “Mask-ne”. Mask එක නිතරම සමේ ඇතිල්ලෙන නිසා, සහ mask එකෙන් නිතරම සම ආවරණය වී ඇති නිසා, සමේ ඇති කුඩා කුහර තුල දුහුවිලි, දහඩිය සහ කුඩා අංශු සිර වෙනවා. මේ නිසා තමයි බොහෝ දෙනෙක් මේ දවස්වල mask එක නිසා ඇතිවන කුරුලෑ තත්වයන්ට මුහුණ දෙන්නේ.

සම වියලීම

තමන්ගේ සෞඛ්‍ය ගැන ආරක්ෂා වන හැම කෙනෙක් ගාවම නොවරදවාම hand sanitizer එකක් තියෙනවා. මෙහි ඇති මද්‍යසාර සංයුක්තය, සමේ ඇති ස්වභාවික තෙල් ගතිය නැති කරන නිසා, නිතර hand sanitizer භාවිතයෙන් සම ඉතා ඉක්මනින් වියලෙනවා.

තමන්ගේ ආරක්ෂාවයි, සමේ ආරක්ෂාවයි දෙකම බලා ගන්නේ කොහොමද? මෙන්න මේ cleansing ritual එකෙන්, දවල් කාලයේ ඔබත්, සවස් කාලයේ ඔබේ සමත් ආරක්ෂා කරගන්නට පුළුවන්.

පියවර 1 : දිනපතා cleanse කරන්න

ගෙදර ගිය ගමන්, අමතක නොකර දිනපතා ඔබේ සම cleanse කරන්න. දවස පුරා mask එක නිසා ඔබේ සමේ කුහර තුල සිර වී ඇති දහදිය, දුහුවිලි ආදිය cleanser එකක් මගින් අයින් කරගන්නට පුළුවන්. දිනපතා භාවිතා කරන නිසා, රසායන ද්‍රව්‍ය අඩු, කිරි හෝ මී පැණි වැනි ස්වභාවික අන්තර්ගතයන් සහිත cleanser එකක් භාවිතා කරන්න.

සතියකට සැරයක්, mud mask එකක් හෝ sugar mask එකක් භාවිතයෙන් deep cleanse කරන්න.

පියවර 2 : moisturize කරන්න

ඔබේ සම පිරිසිදු කර, cleanse කිරීමෙන් පසුව, අනිවාර්යයෙන්ම ඔබේ සම moisturize කරන්න. රසායනික ද්‍රව්‍ය වලින් අඩු, Morison Lacto Calamine Lotion වැනි මෘදු mosturizer එකක් නම් ඉතාමත් හොදයි. Morison Lacto Calamie Lotion එක තුල ඇති calamine, mask එකෙන් සමට ඇතිවන හානි වලින් ඔබේ සම ආරක්ෂා කරන අතර, එහි ඇති witch hazel සම මතුපිට සිර වී ඇති තෙල් සහ මියගිය සමේ සෛල ඉවත් කර, බැක්ටීරියා සහ දිලීර වලින් සම ආරක්ෂා කරයි.
දවස පුරා sanitizer භාවිතා කරන නිසා, අනිවාර්යයෙන්ම ඔබේ අත් දෙකත් moisturize කරන්න අමතක කරන්න එපා.

ඔබ නින්දට යන විට සම සුවපත් කරන්නට, Morison Lacto Calamine Lotion එක night cream එකක් වශයෙනුත් භාවිතා කරන්නට පුළුවන්.

පියවර 3 : දිනපතා mask එක සෝදන්න

ඔබේ නැවත භාවිතා කර හැකි mask එක දවස පුරා තෙතමනය සිරකරගන්න නිසා, එය මත ඉතා ඉක්මනින් බැක්ටීරියා සහ දිලීර හටගන්නට පුලුවන. මේ නිසයි, ඔබ රෙදි mask එකක් භාවිතා කරනවා නම් දිනපතා එය සබන් යොදා සේදිය යුත්තේ. ඔබේ සාමාන්‍ය surgical mask එකක් භාවිතා කරනවා නම්, කවමදාවත් එය දෙවරක් භාවිතා කරන්නට එපා.

අපි හැමෝම මේ දවස් වල අප සහ අපේ ආදරණීයන් වෙනුවෙන්  ආරක්ශාකාරීවීම වැදගත්, නමුත් ඒ වෙනුවෙන් ඔබේ සමේ සෞක්‍ය කැපකරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබත් අදම මේ skin cleansing ritual එක අනුගමනය කරමින් ඔබ වගේම ඔබේ සමත් ආරක්ෂා කරගන්න.

Written by Shana

Share

COVID-19 අතරේ ඔබේ සම රැක බලාගන්නේ මෙහෙමයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

අපගේ සාමාන්‍ය ජීවිතය, COVID 19 වසංගතය නිසා බොහෝ ලෙස වෙනස් වී ඇති බව අපි හැමෝම දන්නා කරුණක්. නිතරම ගමන් බිමන් යන, මිතුරන් සමග එක් වී විනෝද වෙන අප, මේ දවස්වල හැකි තාක් නිවසටම වී සිටින්නේ, අපගේත්, අනෙක් අයගෙත් ආරක්ෂාව වෙනුවෙන්.

නිවසට වී සිටීම අපට තරමක් අපහසු වූවත්, පරිසරයේ ඇති කුණු දුහුවිලි සහ අහිතකර හිරු කිරණ වලට නිරාවරණය නොවී සිටීම අපගේ සමට නම් ඉතාමත් ම හොඳ දෙයක්. ඉතාමත් පහසුවෙන් ඔබේ සම නිරෝගී සහ පැහැපත් කරගන්නට, ගෙදර ඉන්න ගමන් මේ දේවල් කරන්න අමතක කරන්න එපා!

1. හැකි තාක් වතුර බොන්න

Drinking Water

ගෙදර ඉන්න ගමන් අපට කරන්න අමතකම වෙන දෙයක් තමයි වතුර බීම. දිනපතා අවම වශයෙන් වතුර ලීටර් 1.5ක් වත් පානය කිරීම, ඔබේ සමට අත්‍යාවශ්‍යයි. වතුර බොන්න අමතක වෙන එක වලක්වන්න, වතුර බෝතලයක් හෝ alarm එකක් තියාගන්න.

2. ගෙදර ඉන්න ගමන් make - up භාවිතය අවම කරන්න

No-Makeup

ගෙදර ඉන්න ගමන් සහ නිවසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සදහා එලියට යන විටත්, make – up භාවිතය අවම කරන්න. සම මත ඇති ආලේපන අවම කිරීමෙන් ඔබේ සම ස්වාභාවිකවම නිරෝගී වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, COVID 19 න් ආරක්ෂා වීමට සම මත ඇති ආලේපන අවම කිරීම නිර්දේශ කරනවා

3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ආහාරයට ගන්න අතර ව්‍යායාම කරන්න අමතක කරන්න එපා

Exercise

නිරෝගී දිදුලන සමකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි!

4. දිනපතා moisturize කරන්න

අධික සීතල, අධික රස්නය, fan එක හෝ A/C එකට නිතරම සම නිරාවරණය වීම වැනි හේතූන් නිසා ඔබේ සම ඉතා ඉක්මනින් වියලෙන්නට පුළුවන්. ඔබේ සමත් වියලෙන සුළු නම් කැලමයින් සහ witch hazel සහිත moisturizer එකක් දිනපතා භාවිතා කරන්න

5. කෑම ඉවීමෙන් පසු මුහුණ සෝදන්න

පිටතින් ඇති කුණු දුහුවිලි වලින් ඔබේ සම ආරක්ෂා වූවත්, නිවසේදී ඔබේ සම අපිරිසිදු වීමට ලොකුම හේතුව වන්නේ ඉවීමෙදී ඔබේ සම මතුපිට තැන්පත් වෙන තෙල් සහ වාෂ්පයි. දිනපතා ඉවීමෙන් පසු ඔබේ සම මෘදු face wash එකකින් පිරිසිදු කිරීමට අමතක කරන්න එපා.

6. ඔබේ face mask එක ඔබේ සමට ගැලපෙනවාද?

Face Mask

Face mask එක මේ දිනවල අත්‍යාවශ්‍ය දෙයක් වූවත්, විවිධ ආකාරයෙන් සකසන ලද face masks ඔබේ සමට විවිධ ලෙස ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මෙනිසා ඔබේ face mask එක ඔබේ සමට ගැලපෙනවාදැයි නිරීක්ෂණය කරන්න.

නිවසේ සිටීමෙන් ඔබේ සම ස්වාභාවිකවම නිරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම ඉතාමත්ම ලේසියි. නමුත් ඔබේ සමට අවශ්‍ය මූලික රැකවරණය ලබා දීමට අමතක කරන්න එපා

Written by Shana

Share

අත් – පා – මුඛ රෝගය (Hand – Foot and Mouth Disease) කියන්නේ මොකක්ද?

Dealing-with-Hand-–-Foot-and-Mouth-Disease-Sinhala

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

කුඩා දරුවන් අතර ශ්‍රී ලංකාවේ මේ දවස්වල බහුලව පැතිරී යන රෝගයකි මේ අත් – පා – මුඛ රෝගය. නැතිනම් Hand – Foot and Mouth Disease. බොහෝ විට ළඳරුවන් හට සහ කුඩා දරුවන්ට වැළදෙන මෙම රෝගය, අත් – පා – මුඛ රෝගය ලෙස හදුන්වන්නේ, අත් , පා සහ මුඛය තුල ඇති වන කුඩා අවර්ණ බිබිලි මෙම රෝගයේ මූලික ලක්ෂණයක් වන නිසායි.

මොකක්ද මේ අත් - පා - මුඛ රෝගය?

මෙය සාමාන්‍ය වශයෙන් බෝවන සුළු වෛරසයක් වන අතර , පැතිරී යන්නේ කුඩා දරුවන්ගේ සෙම, කෙල සහ සමෙන් පිටවන ද්රාවනයන් ගෙනි. මුලදී මද උණ ගතියකින් ආරම්භ වන මෙම ආසාදනය නිසා, කම්මුල් තුල, විදුරුමස් මත, අත්ල මත, ඇඟිලි වල සහ යටි පතුලේ කුඩා අවර්ණ බිබිලි ද ඇති වේ. මෙම බිබිලි නිසා බොහෝ විට වේදනා තත්වයක් ද ඇති වේ. දින 7 – 10 ක් තුල මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පහව යයි.

අත් - පා - මුඛ රෝගය ඇති දරුවෙකු රැක බලා ගන්නේ කොහොමද?

ඔබගේ දරුවාට අත් – පා – මුඛ රෝගය වැළදී ඇති බවට ඔබට සැක සහිතයි නම්, අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. මෙයට අවශ්‍ය ප්‍රතිකාරය , දරුවාගේ රෝග ලක්ෂණ අනුව ලබා දෙන නිසා වෛද්‍ය උපදෙස් අනිවාර්ය වේ. සම මත ඇතිවන බිබිලි තත්වය සහ එනිසා ඇතිවන වේදනාව සමනය කිරීමට , වෛද්‍යවරුන් අනුමත කරන්නේ සමට මෘදු, සිසිලස දෙන , කැලමයින් සහ විච් හේසල් සහිත (Lacto Calamine වැනි) ලෝෂන් වර්ගයකි. මෙම බිබිලි නිසා ඇති වන ලප කැළැල් අවම කිරීමටද මෙවැනි ලෝෂන් වර්ගයක් උපකාරී වෙයි.

අත් - පා - මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කරන්නේ කොහොමද?

මෙය වෛරසයක් නිසා, අත් – පා – මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කිරීමේ පළමු පියවර වන්නේ නිසි ලෙස සනීපාරක්ෂාවට මුල් තැන දීමයි. පොදු ස්ථාන සහ පොදු වැසිකිලි භාවිතා කිරීමෙන් පසු, දරුවන් සහ වැඩිහිටියන් අනිවාර්යයෙන්ම අත සේදිය යුතු අතර, ඔබේ දරුවාට අත් – පා – මුඛ රෝගය ඇතැයි සැක සහිත නම් පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න.
සාමාන්‍යයෙන් එක වරක් අත් – පා – මුඛ රෝගය වැළඳීමෙන් පසුව නැවත ආසාදනය වීමේ හැකියාව බෝ අඩුයි. නමුත්, මෙය වැලඳීම දරුවාට ඉතා අපහසු අත්දැකීමක් වන අතර, මෙම රෝගය වලක්වාගැනීමට නිතරම සනීපාරක්ශාවට මුල් තැන දීමට අමතක කරන්න එපා.

Written by Shana

Share

Pimples සහ Blackheads වලින් නිදහස් වෙන්න – දිනපතා මෙන්න මේ පියවර 3 අනුගමනය කරන්න!

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

සියලු කාන්තාවන් එක සේ පිළිකුල් කරන දෙයක් ඇතිනම්, ඒ pimples සහ blackheads වේ. ඔබ සියලුදෙනාම අකමැති මේ pimples සහ blackheads ඇති වන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

Pimples සහ blackheads යනු සමෙහි ඇතිවෙන කුරුලෑ වර්ග වේ. Pimple එකක් යනු, සම තුලින් පැසවී ඇති කුරුලෑවකි. සාමාන්‍යයෙන්, pimple එකක් රතු හෝ සුදු පැහැයට හුරු වන අතර, එතුල බොහෝ විට සුදු පැහැති සැරව වැනි ද්‍රව්‍යයක් දකින්නට ඇත.

Blackheads, බොහෝ විට නොපෙනෙන සුළු අතර, එය සම මත ඇති කුඩා කළු කුරුලෑවක් ලෙස හැදින්විය හැක.

Pimples ඇති වෙන්නේ, සමේ ඇති සියුම් විවරයන් තුල, තෙල් සහ මියගිය සෛල, ඇතුලතින් සිර වූ විටය. මෙලෙස සිර වූ විවරයන් තුලට සමේ තෛල ග්‍රන්ථි තුලින් සමට අවශ්‍ය තෛල නිදහස් කරන අතර, මෙනිසා මෙම විවරයන් බිදී එතුලට සුදු රුධිරානු එකතු වේ. මෙලෙස එකතු වූ සුදු රුධිරානු, සුදු පැහැති සැරව වැනි ද්‍රව්‍යයක් ලෙස pimple එක තුල දැක ගත හැක.

Blackheads ඇති වන්නේ, සමේ සියුම් විවරයන්, මතුපිටින් සිර වූ විටය. මෙලෙස සිර වූ විවරයන්, කාලයත් සමග අවපැහැ ගැන්වෙන අතර, සම මතුපිට blackheads ලෙස දැකගත හැක.

Pimples සහ blackheads යන දෙකම, දිනපතා ඉතාමත් පහසු පියවර තුනක් අනුගමනය කරමින්, ඔබේ ජීවිතයෙන් අයින් කරගත හැක.

1. Cleanse කිරීම

දිනපතා, මෘදු cleanser එකක් භාවිතා කරන්න. Cleanse කිරීමෙන්, ඔබේ සමේ සියුම් විවරයන් තුල ඇති තෙල් සහ අනෙක් අපවිත්‍රතා අයින් වන අතර, ඔබේ සම දිනපතා හොඳින් පිරිසිදු වේ. Pimples සහ blackheads යන දෙකටම, සොයාගැනීමට පහසු සහ ස්වභාවික මී පැණි cleanser එක ඉතාමත් සුදුසුයි. මී පැණි තේ හැන්දක්, ඔබේ මුහුණේ ආලේප කර, මෘදුව massage කරන්න. ඉන්පසු, යන්තම් උණු වතුරෙන් සෝදා හරින්න.

2. Toner එකක් භාවිතා කිරීම

Cleanse කිරීමෙන් විවෘත වූ සමේ ඇති කුඩා විවරයන්, සම්පූර්ණයෙන් වසා දමා, සම මත ඉතිරිව ඇති අපවිත්‍රතා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට toner එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. නිවසේම සාදාගත හැකි පිපිඤ්ඤා toner එක මෙයට ඉතාමත් සුදුසුයි. පිපිඤ්ඤා ගෙඩියක් සම්පූර්ණයෙන් ග්‍ර්ටේ කර, එහි ඉස්ම මිරිකා ඔබගේ මුහුණේ උඩු අතට ආලේප කරන්න. මිනිත්තු 5කට පසු සෝදා සීතල වතුරින් හරින්න. මෙම පිපිඤ්ඤා යුෂ, දින දෙකක් දක්වා ශීතකරණයේ තබා භාවිතා කල හැක.

3. Moisturize කිරීම

ඔබගේ දවස ආරම්භ කිරීමට, නිවසින් පිටතට යාමට පෙර, සමේ සුමුදු බව ආරක්ෂා කරමින් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරන moisturizer එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. තෙල් සහිත සමට, Lacto Calamine Lotion එක සුදුසු වන අතර, වියලි සමට Lacto Calamine Cream එක සුදුසු වේ. මෙතුල ඇති witch hazel මගින්, සම ඇතුලතින් පෝෂණය කරන අතර, calamine සම මතුපිට ඇති කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කරමින්, අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

මෙම, ඉතාමත් පහසු පියවර තුනින්, ඔබේ සමේ ඇති pimples සහ blackheads, ඉතාමත් පහසුවෙන් ඉවත්කරගත් හැක. දිනපතා, cleanse, tone සහ moisturize යන පියවර තුන අනුගමනය කිරීමට අමතක කරන්න එපා!

Share

ඔබේ බිළින්දා දහඩිය බිබිලි වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]
හිරු සමකයට මුදුන් වන කාලයේ ඇති වන අධික රස්නය නිසා බොහෝ විට අපහසුතාවයට පත් වන්නේ කුඩා දරුවන්! අධික ලෙස රස්නය ඇති කාල වලදී සම නිතරම දහඩිය පිට කරන අතර, මෙලෙස අධික ලෙස දහදිය පිටකිරීම බිලින්දාගේ සිනිදු සමට දරාගැනීමට බොහෝ විට අපහසු වෙනවා. මෙලෙස අධික ලෙස දහදිය පිටවීම මගින් ඔබේ සිඟිත්තාගේ සමේ ඇති, ඉතා කුඩා දහදිය පිටවන කුහර තුල දහදිය සිර වීමෙන්, දහදිය බිබිලි ඇති වෙනවා.
දහදිය බිබිලි නිසා ඇති වන කැසීම, සහ සමහර අවස්ථාවල එනිසා ඇතිවන කුඩා තුවාල නිසා, ඔබේ සිඟිත්තා මේ රස්නේ කාලයේදී ඉතාමත් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්.

දහදිය බිබිලි කියන්නේ මොනවාද?

ඔබේ සිඟිත්තාගේ සමේ, අධික ලෙස රස්නේ දවස්වල ඇති වන රතුපාට, හෝ දියර පිරුණු කුඩා බිබිලි, දහදිය බිබිලි ලෙස හදුන්වනවා. හුඟක් විට, මේ දහදිය බිබිලි ඇති වෙන්නේ බිලින්දාගේ බෙල්ල වැනි සම නැවෙන ස්ථාන වල සහ පිට, පසු පෙදෙස වැනි බිලින්දාගේ ඇදුම සහ සම එකට ගැටෙන ස්ථාන වලයි.

දහදිය බිබිලි වලින් ඔබේ සිගිත්තාව ආරක්ෂා කරගන්න

දහදිය බිබිලි යනු, ඔබේ බිලිදාගේ සිරුරේ ඇති රස්නය අඩු වූ විට ඉබේම නැති වී යන ප්‍රශ්නයකි. නමුත්, දහදිය බිබිලි ආසාදනය වීමෙන් ඔබේ බිලිඳා ඉතාමත් අපහසුතාවයට පත් වෙන්නට පුළුවන්. එමෙන්ම, ඔබගේ සිඟිත්තාගේ සිරුරේ රස්නය වැඩි වන බව දක්වන සාදකයක් විදිහටත් දහදිය බිබිලි හදුන්වන්නට පුළුවන්!
මේ දහදිය බිබිලි වළක්වාගන්නේ කෙසේද? මෙන්න එයට විසදුම් 4ක් !

1. ඔබගේ සිඟිත්තා සිසිල් ස්ථානයක තබන්න

අධික ලෙස රස්නය ඇති විට ඔබේ සිඟිත්තා fan එකක් ඇති ස්ථානයක හෝ රස්නය නොමැති ස්ථානයක තබන්න. මේ වෙලාවට බිලිඳා ඇඳුම් රහිතව තැබීම සුදුසුයි

2. සිඟිත්තාට ලිහිල් සහ කපු ඇඳුම් අන්දන්න

කපු, ලිනන් වැනි ස්වභාවිකව නිපදවන ඇඳුම් වලට දහදිය උරා ගැනීමේ හැකියාව ඇති අතර මේ ඇඳුම් සිසිලස උරාගන්නා සුළුයි. එමෙන්ම ඔබේ බිලින්දාට ලිහිල් ඇඳුම් ඇන්දවීමෙන්, සිරුරට ඇඳුම් සිරවන නිසා ඇතිවන දහදිය බිබිලි වලක්වාගන්නට පුලුවන්.

3. සිඟිත්තාට අවශ්‍ය ප්‍රමාණයට දියර පොවන්න

රස්නය නිසා ඔබගේ දරුවාගේ සිරුරෙන් පිටවන දහදිය, ඔබගේ දරුවාගේ සිරුර තුල ඇති දියර ප්‍රමාණය අඩු කරයි. මෙය නිසා විජලනය ඇති වීමටත් පුළුවන්. මෙනිසා, සිඟිත්තාට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පොවා සිරුරේ ඇති දියර ප්‍රමාණය පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. අවශ්‍ය ප්‍රමාණයට දියර පෙවීම මගින් සිරුර අභ්‍යන්තරයේ ඇති රස්නය අඩු කර, දහදිය බිබිලි ඇතිවීම නතර කරගැනීමටත් පුළුවන්.

4. අධික ලෙස දහදිය දමන ස්ථාන වියලිව තබාගන්න

බෙල්ල, වැලමිට සහ පසු පෙදෙස වැනි සමේ නැවුම් ඇති ස්ථාන වල දහදිය සිරවීම නිසා දහදිය බිබිලි ඇති වන ප්‍රවනතාවය වැඩියි. මෙවැනි ප්‍රදේශ වලට Calamine Powder වැනි powder වර්ගයක් භාවිතා කර, සම වියලිව තබාගැනීම දහදිය බිබිලි වලක්වාගැනීමට උපකාරී වෙයි

දහදිය බිබිලි යනු ඉබේම නැති වන ප්‍රශ්නයක් වුනත්, එය වලක්වාගැනීමෙන් ඔබගේ බිලිදාව සුවපහසුවෙන් තබාගත හැකියි. ඔබගේ සිඟිත්තා දැනටමත් දහදිය බිබිලි නිසා අපහසුතාවයට පත් වෙලා නම් එම ප්‍රදේශයේ Lacto Lotion හෝ Lacto Powder භාවිතා කරන්න. මෙමගින් දහදිය බිබිලි නිසා ඇතිවන කැසීම නැතිකර ගත හැකියි. එමෙන්ම, බිලින්දාව සිසිල් ස්ථානයක තබන්න. දහදිය බිබිලි ආසාදන වී සුව වන්නේ නැතිනම් හැකි තාක් ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Share