අත් – පා – මුඛ රෝගය (Hand – Foot and Mouth Disease) කියන්නේ මොකක්ද?

Dealing-with-Hand-–-Foot-and-Mouth-Disease-Sinhala

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

කුඩා දරුවන් අතර ශ්‍රී ලංකාවේ මේ දවස්වල බහුලව පැතිරී යන රෝගයකි මේ අත් – පා – මුඛ රෝගය. නැතිනම් Hand – Foot and Mouth Disease. බොහෝ විට ළඳරුවන් හට සහ කුඩා දරුවන්ට වැළදෙන මෙම රෝගය, අත් – පා – මුඛ රෝගය ලෙස හදුන්වන්නේ, අත් , පා සහ මුඛය තුල ඇති වන කුඩා අවර්ණ බිබිලි මෙම රෝගයේ මූලික ලක්ෂණයක් වන නිසායි.

මොකක්ද මේ අත් - පා - මුඛ රෝගය?

මෙය සාමාන්‍ය වශයෙන් බෝවන සුළු වෛරසයක් වන අතර , පැතිරී යන්නේ කුඩා දරුවන්ගේ සෙම, කෙල සහ සමෙන් පිටවන ද්රාවනයන් ගෙනි. මුලදී මද උණ ගතියකින් ආරම්භ වන මෙම ආසාදනය නිසා, කම්මුල් තුල, විදුරුමස් මත, අත්ල මත, ඇඟිලි වල සහ යටි පතුලේ කුඩා අවර්ණ බිබිලි ද ඇති වේ. මෙම බිබිලි නිසා බොහෝ විට වේදනා තත්වයක් ද ඇති වේ. දින 7 – 10 ක් තුල මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පහව යයි.

අත් - පා - මුඛ රෝගය ඇති දරුවෙකු රැක බලා ගන්නේ කොහොමද?

ඔබගේ දරුවාට අත් – පා – මුඛ රෝගය වැළදී ඇති බවට ඔබට සැක සහිතයි නම්, අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. මෙයට අවශ්‍ය ප්‍රතිකාරය , දරුවාගේ රෝග ලක්ෂණ අනුව ලබා දෙන නිසා වෛද්‍ය උපදෙස් අනිවාර්ය වේ. සම මත ඇතිවන බිබිලි තත්වය සහ එනිසා ඇතිවන වේදනාව සමනය කිරීමට , වෛද්‍යවරුන් අනුමත කරන්නේ සමට මෘදු, සිසිලස දෙන , කැලමයින් සහ විච් හේසල් සහිත (Lacto Calamine වැනි) ලෝෂන් වර්ගයකි. මෙම බිබිලි නිසා ඇති වන ලප කැළැල් අවම කිරීමටද මෙවැනි ලෝෂන් වර්ගයක් උපකාරී වෙයි.

අත් - පා - මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කරන්නේ කොහොමද?

මෙය වෛරසයක් නිසා, අත් – පා – මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කිරීමේ පළමු පියවර වන්නේ නිසි ලෙස සනීපාරක්ෂාවට මුල් තැන දීමයි. පොදු ස්ථාන සහ පොදු වැසිකිලි භාවිතා කිරීමෙන් පසු, දරුවන් සහ වැඩිහිටියන් අනිවාර්යයෙන්ම අත සේදිය යුතු අතර, ඔබේ දරුවාට අත් – පා – මුඛ රෝගය ඇතැයි සැක සහිත නම් පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න.
සාමාන්‍යයෙන් එක වරක් අත් – පා – මුඛ රෝගය වැළඳීමෙන් පසුව නැවත ආසාදනය වීමේ හැකියාව බෝ අඩුයි. නමුත්, මෙය වැලඳීම දරුවාට ඉතා අපහසු අත්දැකීමක් වන අතර, මෙම රෝගය වලක්වාගැනීමට නිතරම සනීපාරක්ශාවට මුල් තැන දීමට අමතක කරන්න එපා.

Written by Shana

Share

ඔබගේ සමේ ඇති කැළැල් නැතිකරගැනීමට පහසු ක්‍රම 5ක් !

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

සමේ කැළැල් ඇති වීම, බොහෝ කාන්තාවන්ට ඉතා විශාල හිසරදයක්. සමේ ඇති අවපැහැ ගැන්වුණු ප්‍රදේශ නිසා ඔබත් බොහෝ අවස්ථාවල අපහසුතාවයට පත්වෙන්නට ඇති. මෙවැනි කරදරකාරී කැළැල් සුව කිරීමට පෙර, කැළලක් යනු කුමක්ද යන්න දැනගැනීම ඉතා වැදගත්.

ඔබගේ සමේ ඇති අවපැහැ වූ ස්ථාන, කුරුලෑ වලින් ඇති වන කැළැල් සහ ඕනෑම අසාමාන්‍ය අවපැහැගැන්වීමක් කැළැල් ලෙස හදුන්වන්නට පුළුවන්. මෙම කැළැල්, ඔබගේ සිරුරේ ඕනෑම ස්ථානයක ඇති වන්නට පුළුවන්. මෙලෙස සම අවපැහැගැනීමට හේතු බොහොමයක් තිබුනද, සුලබම හේතුව වන්නේ කුරුලෑ ඇති වීමයි. කුරුලෑ යනු, සමේ ඇති කුඩා සිදුරු දහදිය, දුහුවිලි සහ තෙල් වලින් සිර වීම නිසා ඇති වන කුඩා බිබිලි වේ. මෙම බිබිලි, blackheads, whiteheads හෝ සාමාන්‍ය pimples ආකාරයෙන් ඇති වන අතර, මෙනිසා ඇතිවන කැළැල් ඉතා සුලභ වේ.

දද, කුෂ්ට සහ පැපොල වැනි රෝගී තත්වයන් නිසාද සමේ කැළැල් ඇති වීමට පුළුවන්. අධික ලෙස හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ මෙලනින් ප්‍රමාණය වැඩි වීමෙන් “hyper pigmentation” වැනි තත්වයන් ඇති වීමද, මෙලෙස සමේ කැළැල් ඇති වීමට හේතුවක් වෙනවා.

සමේ ඇති කැළැල් නැතිකරගැනීමට ඔබ දෙආකාරයකින් කටයුතු කල යුතු වෙනවා.පළමුව, ඔබගේ සමේ කැළැල් ඇතිවීමට හේතුව සොයාගෙන, එයට අදාළ ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම වැදගත්. දද වැනි සමේ ආසාදන වලට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු අතර, කුරුලෑ ඇතිවීමට හේතුව (ආහාර, දුවිල්ල, හිස්හොරි ආදිය) සොයාගෙන එයට අදාළ ලෙස ඔබගේ පුරුදු වෙනස් කරගැනීම කැළැල් වලින් තොර සමක් ලබාගැනීමේ පළමු පියවරයි!

දෙවෙනුව, ඔබේ සමේ දැනට ඇති කැළැල් නැති කරගැනීමට, පහත සදහන් ඉතාමත්ම පහසු ක්‍රම 5න් ඔබට පුළුවන්!

1. කැලමයින්

කැලමයින් යනු ස්වභාවිකවම සමේ කැළැල් සුව කිරීමේ හැකියාව ඇති ආලේපනයකි. ලැක්ටෝ කැලමයින් ලෝෂන් එකේඅන්තර්ගතව ඇති කැලමයින් සහ විච් හේසල් සංයුතිය, ඔබගේ සමේ ඇති කැළැල් සුවකර සම පැහැපත් කරයි.

2. බේකින් සෝඩා

බේකින් සෝඩා වලට ස්වාභාවිකවම සමේ ඇති pH අගය මතුලිත කරන්නට පුළුවන්. එමෙන්ම, සම මතුපිට ඇති මියගිය සෛල ඉවත්කිරීමේ හැකියාවද මෙයට තියෙනවා. බේකින් සෝඩා තේ හැන්දක්, වතුර බින්දු කිහිපයක් සමග මිශ්‍ර කර, ඔබගේ කැළැල් මතුපිට ආලේප කර, මිනිත්තු 5-10 ක් තබන්න. ඉන් පසු සීතල වතුරින් සෝදා හරින්න. දිනපතා භාවිතයෙන් ඔබේ සමේ ඇති කැළැල් ඉවත් කිරීමට පුළුවන්.

3. බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය තුල ඇති ස්වභාවික එන්සයිම වලට කැළැල් සුව කිරීමේ හැකියාව ඇති අතර, සතියට දෙවරක් බිත්තර සුදු මදය face mask එකක් ලෙස භාවිතා කරමින් ඔබගේ කැළැල් ඉතා ඉක්මනින් නැති කරගැනීමට පුළුවන්.

4. මී පැණි

දිනපතා, සමේ ඇති කැළැල් මත මී පැණි බිඳක් ආලේප කර, මිනිත්තු 10කට පසු පිරිසිදු වතුරෙන් සෝදා කරින්න. මී පැණි වල ඇති ස්වභාවික පෝෂක, සමේ ඇති මියගිය සෛල ඉවත් කර, සමේ පැහැපත් බව වැඩි කරන අතර, ස්වභාවික moisturizer එකක් වශයෙන් ද ක්‍රියා කරයි.

5. දන්තාලේප

දන්තාලේප වලට සමේ ඇති තෙල් උරාගත හැකි අතර, එහි ඇති පෙපර්මින්ට් වලට සමේ ඇති කැළැල් සුව කිරීමේහැකියාව ඇත.

කැළැල් යනු, කිසියම් හෝ හේතුවක් නිසා ඇති වන තත්වයකි. කැළැල් වලට ප්‍රතිකාර කිරීමට පෙර, එය ඇති වූ හේතුවසොයාගැනීම ඉතාමත් ම වැදගත්!

Share

ඔබේ බිළින්දා දහඩිය බිබිලි වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]
හිරු සමකයට මුදුන් වන කාලයේ ඇති වන අධික රස්නය නිසා බොහෝ විට අපහසුතාවයට පත් වන්නේ කුඩා දරුවන්! අධික ලෙස රස්නය ඇති කාල වලදී සම නිතරම දහඩිය පිට කරන අතර, මෙලෙස අධික ලෙස දහදිය පිටකිරීම බිලින්දාගේ සිනිදු සමට දරාගැනීමට බොහෝ විට අපහසු වෙනවා. මෙලෙස අධික ලෙස දහදිය පිටවීම මගින් ඔබේ සිඟිත්තාගේ සමේ ඇති, ඉතා කුඩා දහදිය පිටවන කුහර තුල දහදිය සිර වීමෙන්, දහදිය බිබිලි ඇති වෙනවා.
දහදිය බිබිලි නිසා ඇති වන කැසීම, සහ සමහර අවස්ථාවල එනිසා ඇතිවන කුඩා තුවාල නිසා, ඔබේ සිඟිත්තා මේ රස්නේ කාලයේදී ඉතාමත් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්.

දහදිය බිබිලි කියන්නේ මොනවාද?

ඔබේ සිඟිත්තාගේ සමේ, අධික ලෙස රස්නේ දවස්වල ඇති වන රතුපාට, හෝ දියර පිරුණු කුඩා බිබිලි, දහදිය බිබිලි ලෙස හදුන්වනවා. හුඟක් විට, මේ දහදිය බිබිලි ඇති වෙන්නේ බිලින්දාගේ බෙල්ල වැනි සම නැවෙන ස්ථාන වල සහ පිට, පසු පෙදෙස වැනි බිලින්දාගේ ඇදුම සහ සම එකට ගැටෙන ස්ථාන වලයි.

දහදිය බිබිලි වලින් ඔබේ සිගිත්තාව ආරක්ෂා කරගන්න

දහදිය බිබිලි යනු, ඔබේ බිලිදාගේ සිරුරේ ඇති රස්නය අඩු වූ විට ඉබේම නැති වී යන ප්‍රශ්නයකි. නමුත්, දහදිය බිබිලි ආසාදනය වීමෙන් ඔබේ බිලිඳා ඉතාමත් අපහසුතාවයට පත් වෙන්නට පුළුවන්. එමෙන්ම, ඔබගේ සිඟිත්තාගේ සිරුරේ රස්නය වැඩි වන බව දක්වන සාදකයක් විදිහටත් දහදිය බිබිලි හදුන්වන්නට පුළුවන්!
මේ දහදිය බිබිලි වළක්වාගන්නේ කෙසේද? මෙන්න එයට විසදුම් 4ක් !

1. ඔබගේ සිඟිත්තා සිසිල් ස්ථානයක තබන්න

අධික ලෙස රස්නය ඇති විට ඔබේ සිඟිත්තා fan එකක් ඇති ස්ථානයක හෝ රස්නය නොමැති ස්ථානයක තබන්න. මේ වෙලාවට බිලිඳා ඇඳුම් රහිතව තැබීම සුදුසුයි

2. සිඟිත්තාට ලිහිල් සහ කපු ඇඳුම් අන්දන්න

කපු, ලිනන් වැනි ස්වභාවිකව නිපදවන ඇඳුම් වලට දහදිය උරා ගැනීමේ හැකියාව ඇති අතර මේ ඇඳුම් සිසිලස උරාගන්නා සුළුයි. එමෙන්ම ඔබේ බිලින්දාට ලිහිල් ඇඳුම් ඇන්දවීමෙන්, සිරුරට ඇඳුම් සිරවන නිසා ඇතිවන දහදිය බිබිලි වලක්වාගන්නට පුලුවන්.

3. සිඟිත්තාට අවශ්‍ය ප්‍රමාණයට දියර පොවන්න

රස්නය නිසා ඔබගේ දරුවාගේ සිරුරෙන් පිටවන දහදිය, ඔබගේ දරුවාගේ සිරුර තුල ඇති දියර ප්‍රමාණය අඩු කරයි. මෙය නිසා විජලනය ඇති වීමටත් පුළුවන්. මෙනිසා, සිඟිත්තාට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පොවා සිරුරේ ඇති දියර ප්‍රමාණය පාලනය කිරීම අත්‍යාවශ්‍යයි. අවශ්‍ය ප්‍රමාණයට දියර පෙවීම මගින් සිරුර අභ්‍යන්තරයේ ඇති රස්නය අඩු කර, දහදිය බිබිලි ඇතිවීම නතර කරගැනීමටත් පුළුවන්.

4. අධික ලෙස දහදිය දමන ස්ථාන වියලිව තබාගන්න

බෙල්ල, වැලමිට සහ පසු පෙදෙස වැනි සමේ නැවුම් ඇති ස්ථාන වල දහදිය සිරවීම නිසා දහදිය බිබිලි ඇති වන ප්‍රවනතාවය වැඩියි. මෙවැනි ප්‍රදේශ වලට Calamine Powder වැනි powder වර්ගයක් භාවිතා කර, සම වියලිව තබාගැනීම දහදිය බිබිලි වලක්වාගැනීමට උපකාරී වෙයි

දහදිය බිබිලි යනු ඉබේම නැති වන ප්‍රශ්නයක් වුනත්, එය වලක්වාගැනීමෙන් ඔබගේ බිලිදාව සුවපහසුවෙන් තබාගත හැකියි. ඔබගේ සිඟිත්තා දැනටමත් දහදිය බිබිලි නිසා අපහසුතාවයට පත් වෙලා නම් එම ප්‍රදේශයේ Lacto Lotion හෝ Lacto Powder භාවිතා කරන්න. මෙමගින් දහදිය බිබිලි නිසා ඇතිවන කැසීම නැතිකර ගත හැකියි. එමෙන්ම, බිලින්දාව සිසිල් ස්ථානයක තබන්න. දහදිය බිබිලි ආසාදන වී සුව වන්නේ නැතිනම් හැකි තාක් ඉක්මනට වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Share

අධික රස්නය නිසා ඇතිවන දහඩිය බිබිලි වළක්වාගන්නේ කෙසේද?

Read this article in English

[wpml_language_selector_widget]

මේ දවස්වල අධික රස්නය නිසා ඔබත් අපහසුතාවයට පත්වෙලාද? මෙනිසා සම මතුපිට ඇති වන දහඩිය බිබිලි, එමගින් ඇතිවන කැසීම සහ සමේ අසාත්මිකතා නිසා ඔබගේ දෛනික ජීවිතයත් පීඩාකාරී වෙලාද? අධික රස්නය ඇති කාල වලදී දහදිය බිබිලි යනු බොහෝ දෙනා මුහුණදෙන ප්‍රශ්නයක්.

දහඩිය බිබිලි මතුවන්නේ ඔබගේ සමේ ඇති දහඩිය පිටකරන කුඩා සිදුරු අවහිර වූ විටයි. සම මතුපිටට පැමිණීමට නොහැකිව මෙලෙස සිර වන දහඩිය ආසාදනය වීමෙන් සම මතුපිට දහඩිය බිබිලි ඇති වෙනවා.

ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපීය රටවල් වල දහඩිය බිබිලි ඉතා සුලභ වූවත්, ඉතාමත් ලේසියෙන් දහඩිය බිබිලි ඇතිවීම වළක්වාගන්න පුළුවන්!

දහඩිය බිබිලි වලක්වාගත හැකි ක්‍රම 5ක්!

තද ඇඳුම් වෙනුවට නිදහස් ලිහිල් ඇඳුම් අදින්න

ඔබගේ ඇදුම් තද වන විට ඔබගේ සමට ආශ්වාස කිරීමට ඇති ඉඩ අඩුවෙනවා. මෙමගින් ඔබගේ සමේ ඇති දහඩිය පිටකරන කුඩා සිදුරු තවත් අවහිර වෙනවා. ලිහිල් ඇදුම් මගින් මෙම ප්‍රශ්නය විසදෙන අතර ඔබගේ සමට ආශ්වාස කිරීමට අවශ්‍ය තරම් ඉඩ ඇති නිසා ඔබට දැනෙන රස්නයත් අඩු වෙනවා.

කපු වලින් සාදන ඇදුම් වලින් ඔබට සිසිලසක්!

කපු සහ ලිනන් වැනි ස්වාභාවික රෙදි පිළි වලින් සාදන ලද ඇඳුම් වලට දහඩිය උරා ගැනීමේ හැකියාව ඇති අතර, මෙම රෙදි සාමාන්‍යයෙන් සිසිලස උරාගන්නා රෙදි ලෙස සැලකෙනවා. මෙනිසා කපු සහ ලිනන් ඇඳුම් වලට ඔබගේ සිරුරේ සිසිලස රදාපවත්වා ගන්නා අතරම ඔබගේ දහඩිය උරා ගැනීමට ද පුළුවන්.

Calamine Lotion වල magic එක!

කැලමයින් තුල ඇති සම සුවපත් කිරීමේ හැකියාව නිසා දැනටත් දහඩිය බිබිලි වලින් පීඩාවට පත්වී ඇති ඔබට මෙය ඉතාමත් සුදුසුයි. දැනටමත් ඇති දහඩිය බිබිලි සුව කරන ගමන්, ඔබගේ සමේ සිසිලස සුරකිමින් නැවතත් දහඩිය බිබිලි ඇති වීම වැලක්වීමට calamine lotion වලට පුළුවන්.

පිරිසිදුකම ඉතාමත් වැදගත්!

අධික රස්නය ඇති කාල වලදී පිරිසිදුව සිටීම ඉතා වැදගත්. දිනපතා හෝ දිනකට දෙවරක් නෑම හෝ ඇග සේදීම මගින් ඔබගේ සිරුර සිසිල්ව තබාගන්න පුළුවන්. එමෙන්ම, හැකිතාක් රස්නය ඇති කාල වල ගමන් බිමන් යාම අඩු කරගැනීම සහ දිනපතා කාර්යභාර්යයන් සවස් වරුවේ කරගැනීම මගින් රස්නය නිසා ඇතිවන අපහසුතා වළක්වාගන්න පුළුවන්.

සිසිල් කෑම ආහාරයට ගන්න

පිපිඤ්ඤා, පැණි කොමඩු වැනි ස්වභාවිකව සිසිල් ආහාර වලින් ඔබගේ සිරුරේ අභ්‍යන්තරව ඇති රස්නය අඩු කරගන්න පුළුවන්. මෙනිසා ඔබගේ සම දහඩිය දැමීම අඩු කරන අතර, දහඩිය බිබිලි ඇති වීම ප්‍රවණතාවයද අඩු වෙනවා. අධික උෂ්ණය ඇති සහ ඉතා සැර ආහාර නිසා ඔබගේ සමේ දහඩිය දැමීම වැඩි වන අතර, රස්නය අධික කාල වලදී මෙම ආහාර අඩුවෙන් භාවිතා කිරීම සුදුසුයි.

දහඩිය බිබිලි යනු, සම නැවතත් සිසිල් වූ පසු ස්වභාවිකව ම නැති වී යන ප්‍රශ්නයකි. නමුත්, දහඩිය බිබිලි වලක්වාගැනීම, එය සුව කිරීමට වඩා ඉතාමත් පහසුයි. කිහිලි යට, ඔබගේ සිරුර නැවෙන ස්ථාන වල සහ ඇඳුමට සම ඇලෙන ස්ථාන වැනි සාමාන්‍යයෙන් අධික ලෙස දහදිය දමන ප්‍රදේශ වල Lacto Powder භාවිතා කිරීමෙන් දහඩිය බිබිලි ඇති වීමේ ප්‍රවනතාවය අඩු කරගන්න පුළුවන්. මෙමගින් දහඩිය උරාගන්නා නිසා ඔබට සැහැල්ලුවෙන් සිටීමටත් පුළුවන්!

සැහැල්ලුවෙන් ජීවත්වන්න – Lacto සමග

Share

සම සුදු කරගැනීම පිලිබඳ ඔබ නොදන්නා දේ

THIS ARTICLE IS ALSO AVAILABLE IN

[wpml_language_selector_widget]

සුදු සම ලස්සනයි කියන එක අප බොහෝ දෙනා කුඩා කල සිටම අසන දෙයක්. ලස්සන වෙන්න, සුදු සම අත්‍යවශ්‍යයි කියන අදහස, බොහෝ දෙනා ඉතා ඉහලින් විශ්වාස කරන මතයක්. බොහෝ කලක සිට කාන්තාවන්ගේ ජීවිත වලටබලපෑමක් ඇති කරන මෙම සුදු සම, කාන්තාවන්ගේ සුන්දරත්වය මනින මිම්මක් පමණක් නොව, කාන්තාවන්ගේරැකියා, උසස්වීම්, සම්බන්දතා වැනි ජීවිතයේ අනෙකුත් අංග වලටද විශාල බලපෑමක් ඇති කරයි. නමුත් මෙම “සුදුසම ලස්සනයි” යන මතය, බොහෝ දුරට ආසියානු අර්ධද්වීපයට පමණක් අදාළ වන අතර, ඉතා සුදු සමක් ඇතිබොහෝ බටහිර විදේශිකයින් තලෙළු සමට වැඩි කැමැත්තක් දක්වයි.

කෙනෙකුගේ සමේ වර්ණය සුදු හෝ තලෙළු වන්නේ ඇයි?

මෙයට හේතුව වන්නේ සමේ ඇති මෙලනින් ප්‍රමාණයයි!

අපි ලෝක ගෝලය දෙස මදක් බලමු.

ලෝක ගෝලයේ සමකයට ආසන්න ප්‍රදේශයේ ඇති රටවල් වල ජීවත් වනමිනිසුන්ගේ සමේ වර්ණය, සමකයට ඉතා දුරින් ඇති රටවල් වල ජීවත් වන ජනයාගේ සමේ වර්ණයට වඩා ඉතාඅඳුරු බව ඔබ නිරීක්ෂණය කර ඇති. සමකයට ආසන්න රටවල් වල සිටින ජනයා, සම්පූර්ණ අවුරුද්ද පුරාවටම හිරුකිරණ වලට නිරාවරණය වී සිටින නිසා ඔවුන්ගේ සමේ, පිළිකා වැනි විවිධ සංකූලතා ඇති වීමේ ප්‍රවණතාවය ඉතාවැඩියි.

මෙයින් ඔබගේ සම ආරක්ෂා කිරීම සඳහා ඔබගේ සම ස්වාභාවිකවම මෙලනින් යන සංයෝගය නිපදවයි. අපගේ සමට වර්ණයක් ලැබෙන්නේ මෙම මෙලනින් යන සංයෝගයෙන් නිසා, මෙලනින් වැඩි වෙන තරමට සමේවර්ණයද අඳුරු වෙනවා. මෙනිසා තමයි සමකයට ආසන්න රටවල් වල සිටින ජනයාගේ සම, සමකයෙන් ඈත ඇති රටවල ජනයාගේ සමට වඩා අඳුරු.

අදුරු, තලෙළු සමට, එහි ඇති මෙලනින් නිසා, ඔබව අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කිරීමට පුළුවන් සමකයට ආසන්නව සිටින රටක් වශයෙන්, ශ්‍රී ලාංකික අපට, මෙය ඉතාමත්ම වැදගත් වෙනවා.

Fairness cream ඔබේ සම සුදු කරන්නේ කොහොමද?

තලෙළු, අඳුරු සම ඔබගේ සෞඛ්‍යට කෙතරම් හොඳ වූනත්, සුදු සම පිලිබඳ සමාජයේ ඇති ආකල්පය නිසා බොහෝතරුණියන් සම සුදු කරගැනීමට විවිධාකාරයෙන් උත්සාහ කරනවා. සම සුදු කරගැනීමට භාවිතා කරන ප්‍රචලිතමක්‍රමය වන්නේ fairness cream එකයි. නමුත්, මෙම fairness cream එක ඔබව සුදු කරන්නේ, ඔබගේ සමේ ස්වාභාවිකවම නිපදවෙන මෙලනින් නිෂ්පාදනය නතර කරමින්.

Fairness Cream අතලොස්සක් තුල මෙලනින් වෙනුවට ඔබව හිරු රශ්මියෙන් ආරක්ෂා කරන වෙනත් ද්‍රව්‍ය අඩංගු වූවත්, බොහෝ fairness cream, හුදෙක් ඔබගේමෙලනින් නිෂ්පාදනය අවහිර කරමින් ඔබට සුදු සමක් ලබා දෙයි.

මෙලෙස අස්වාභාවිකව ඔබගේ සමේ මෙලනින් නිෂ්පාදනය අවහිර කිරීම නිසා, ඔබේ සමේ අසාත්මිකතාවයන් ඇතිවිය හැකි අතර එම fairness cream එක මත ඔබට සදාකාලිකව යැපීමට සිදු වෙනවා.

හොඳින් රැකබලාගන්නා ලඳ නීරෝගී සමක් = සුන්දර සමක්!

ඔබගේ සම කුමන වර්ණයක් වූවත්, එය සුන්දරයි. ඔබගේ අවධානය යොමු විය යුත්තේ, ඔබේ සමේ වර්ණය වෙනස්කිරීමට නොව එය හරියාකාරව රැක බලා ගැනීමටයි. දිනපතා ඔබගේ සම හරියාකාරව පිරිසිදු කර, සම මතුපිට ඇතිමියගිය සෛල ඉවත් කර, සමට අවශ්‍ය රැකවරණය ලබා දෙන sun lotion එකක් භාවිතා කරන්න අමතක කරන්න එපා. එමෙන්ම, Calamine වැනි moisturizer එකක් මගින් ඔබගේ සමට අවශ්‍ය පෝෂණය ලබා දීමද ඉතා වැදගත්. හොඳින් රැකබලාගන්නා ලද සම, ස්වාභාවිකවම සුන්දර, සුසිනිදු වන අතර, සමේ වර්ණයද පැහැපත් වනවා.

Source: Internet

Article by Shana Azeem

Share

මොකක් ද මේ හිරු මුදුන් වෙනවා කියන්නේ?

පෘතුවිය සුර්යා වටා පරිභ්‍රමණය වන්නේ අංශක 23.5 ක ආනතියක් ඇතිවයි. ඒ නිසා පෘතුවියේ අක්ෂයට අංශක 23.5 ක් උතුරින් සහ අංශක 23.5 ක් දකුණින් පවතින නිවර්තන රේඛා අතර මැද පිහිටි රටවල් හිරුට ආසන්නයේම අවුරුද්ද පුරාවටම පිහිටා තිබෙනවා. පෘථිවියේ ගමන් මග වෙනස් වන ආකාරයට අවුරුද්දට දෙවතාවක් මෙම රටවල් හිරුට ඉතාමත් ආසන්න වෙනවා. අන්න එතකොට තමයි හිරු මුදුන් වීමේ අවස්ථාව උදා වෙන්නේ.

අපේ ශ්‍රී ලංකාවත් මෙම කලාපයේ සමකයට ආසන්නව පවතින නිසා අපිට හිරු මුදුන් වීම මාර්තු/අප්‍රේල් මාස අතරතුර සහ අගෝස්තු/සැප්තැම්බර් අතරතුර සිදු වෙනවා. අන්න ඒ නිසා තමයි අපිට මේ දවස්වල දැඩි රස්නයක් දැනෙන්නේ. නමුත් මෙහි විශාලම බලපෑම වන්නේ ඔබේ සමටයි. ඒ අහිතකර කිරණ වල බලපෑමද ඒ සමගම වැඩිවන නිසා. අහිතකර කිරණ වලින් ඔබ ආරක්ෂා නොවුනොත් සම රැලි වැටීම, සම වියපත් වීම පමණක් නොවෙයි මෙලනෝමා වැනි සමේ පිළිකා තත්ත්ව ඇතිවීමට පවා පුළුවන්.

හිරු මුදුන් වීම සොබාදමේ අපුරු සංසිද්ධියක් වුනත් ඉන් ආරක්ෂා වීමට අමතක නොකරමු.

Share