රස්නේ දිනවල සමේ කැසීමක් ඇතිවන්නේ මේ නිසයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු කියන්නේ තරමක් රස්නය වැඩි මාස දෙකක්. මේ වියලි, රස්නේ මාසයේ එදිනෙදා වැඩ කරගනීම තරමක් අපහසුයි. මෙයටත් වඩා, රස්නේ දිනවල සමේ ඇතිවන පීඩාකාරී කැසිල්ල, සියල්ලටම වඩා දරාගැනීමට අමාරුයි.

අධික රස්නේ සහ වියලි මාස වලදී සමේ කැසිල්ලක් ඇති වෙන්නේ ඇයි?

1. ඌෂ්ණ බිබිලි

රස්නය වැඩි දවස්වල අපගේ සම සිසිල් කිරීමට, අපට වැඩි වශයෙන් දහදිය දමනවා. මෙම දහදිය නිපදවන සමේ ඇති කුඩා  දහදිය ග්‍රන්ථි, අධික ලෙස දහදිය දැමීම නිසා අවහිර වීමෙන්, සම මතුපිට ඌෂ්ණ බිබිලි ඇති වෙනවා. මෙය බොහෝ විට ඇති වෙන්නේ, දණහිස, බෙල්ල අවට, වැලමිට වැනි සම නැවෙන ස්ථාන වලයි. බොහෝ දෙනා මුහුණදෙන ඉතා පොදු තත්වයක් වන ඌෂ්ණ බිබිලි, දින කිහිපයකින් නැති වී යන අතර එයට සාමාන්‍යයෙන් කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත්, ඌෂ්ණ බිබිලි ඔබව අපහසුතාවයට පත්කරනවා නම්, කැලමයින් සහිත ලෝෂන් එකක් භාවිතයෙන් ඔබගේ සම සුවපත් කර සමට සිසිලක් ලබාදෙයි.

2. හිරු එලිය නිසා ඇතිවෙන ආසාත්මිකතා

ඔබගේ සම, හිරු එලියට නිරාවරණය වූ විට රතු පාට බිබිලි ඇති වෙනවාද? මෙය, හිරු එලියට ඇති අසාත්මිකතාවයක්, නැති නම් allergy එකක් විය හැකියි. ඔබත් මෙවැනි තත්වයන්ට මුහුණ දෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම චර්ම රෝග විශේෂඥයයෙක් හමු විය යුතුයි. නමුත්, හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරන්නට sun lotion එකක් අනිවාර්යයෙන් ම භාවිතා කරන්න. කැලමයින් සහිත Lacto Calamine වැනි lotion එකක්ද, ඔබගේ සම සුවපත් කිරීමට සහ දිනපතා භාවිතයට සුදුසුයි.

3. වායුසමීකරණය

අධික ලෙස රස්නය ඇති දිනවල අප AC එක යට සිටීමට කෙතරම් කැමති වූවත්, මෙනිසා ඔබගේ සම අධික ලෙස වියලෙන බව ඔබ දන්නවාද? සමේ වියලි බව වැඩි වීමද කැසීම ඇති වීමට හේතුවක් වෙනවා. ඔබත් දිනපතා වායුසමීකරණය කරන ලද කාමරයක සිටිනවා නම්, ඇති තරම් වතුර බීමට අමතක කරන්න එපා. සමේ තෙතමනය රැක ගැනීමට, පැය දෙකකට සැරයක් වත් moisturizer එකක් ආලේප කිරීමත් ඉතා වැදගත්.

ඔබේ සම, මේ රස්නේ දිනවල කැසීමක්  ඇතිවන විට, හැකිතාක් කසන්නේ නැතිව සිටීමට උත්සාහ කරන්න. අධික ලෙස කැසීමෙන් ඔබගේ සම තුවාල වී දුර්වර්ණ වීමට පුළුවන්. ඔබගේ සම, මේ දිනවල ආරක්ෂා කර සුවපත් කිරීමට අනිවාර්යයෙන් කැලමයින් සහිත, Lacto Calamine වැනි ලෝෂන් එකක් ඔබ ලග තබාගන්නට අමතක කරන්න එපා

Written by Shana

Share

Why does my skin itch when it’s hot?

මෙම ළිපිය සිංහලෙන් කියවන්න

[wpml_language_selector_widget]

It’s February – and an unusually warm February at that. The heat is unbearable and the lack of rain isn’t helping as it seems to get hotter and hotter during day time. But what makes a very warm day worse, is a warm, itchy day.

Does your skin itch when it’s hot? Does a quick walk in the sun (maybe to the supermarket) leave you scratching your exposed skin for the rest of the day? Why does your skin itch when it’s hot?!

1. Heat rash

When the weather is warm and you keep sweating, your sweat pores tend to get clogged, creating itchy bumps on your skin. This is mostly seen in areas where the skin folds, such as elbows and knees, but can appear anywhere. Heat rash usually disappears on its own, but if the rash makes you uncomfortable, apply a non greasy lotion such as Lacto Calamine on the affected area. Do not use any oil based moisturizers as it will only make it worse.

2. Sun rash

If you break out in itchy red bumps every time you go out in the sun, it means you are suffering with photo dermatitis. This is when the sun triggers a case of eczema on your skin. Treating this requires a visit to the dermatologist, but don’t forget to stay safe with your sun lotion, applied over a base lotion that contains calamine, which has healing properties, to keep your skin safe.

3. The Air Conditioner

You run into your air-conditioned room to stay safe from the hot hot sun, but the air conditioner can dry out your skin in no time, causing it to itch even more. If you stay in an air-conditioned room on a daily basis, don’t forget to drink lots and lots of water and stay hydrated. Also, keep reapplying your moisturizer every time you feel your skin drying up, to retain the moisture.

At all times , avoid scratching when an itch hits you. Excessive scratching can break your skin, leaving to skin discoloration and scars. A mild lotion, always with Calamine, such as Lacto Calamine Lotion for example, is a must have during this hot weather to keep your skin soothed and safe.

Written by Shana

Share