THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH
හිරු මුදුන් වී ඇති මේ දවස්වල, ඔබේ සම අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත්. මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස ඉර මුදුන් වීම නිසා, හිරු රශ්මියෙන් සමට ඇතිවෙන හානිය ඉතාමත්ම බරපතලයි. අහිතකර UVA සහ UVB කිරණ වලින්, මේ දින වල ඔබේ සම ආරක්ෂා කරගන්න පහසු ක්‍රම 5ක් මෙන්න!
1. පොල් තෙල්
විටමින් E වල යහගුණයෙන් පිරිපුන් පොල් තෙල් වලට, ඔබේ සම ඇතුලින් පෝෂණය කරන අතරම ඔබේ සම අහිතකර කිරු කිරණ වලින් ස්වභාවිකව ආරක්ෂා කරන්න පුළුවන්. දිනපතා පිරිසිදු පොල් තෙල් තේ හැඳි භාගයක් ඔබේ සමේ මතුපිට සහ මුහුණේ ආලේප කරන්න. මෙය, අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන ස්වභාවික පටලයක් ලෙස ක්‍රියාකරයි. නමුත්, මෙය භාවිතා කල යුත්තේ ඔබට සාමාන්‍ය හෝ වියලි සමක් ඇති නම් පමණයි. තෙල් සහිත සමක් ඇති නම් සමහර විට පොල් තෙල් භාවිතයෙන් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. එමෙන්ම ඔබ බොහෝ වෙලාවක් ඉර අව්වේ සිටිනවා නම් පොල් තෙල් වලින් ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.
2. ඔබගේ දිනපතා make-up එකට හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පුළුවන් moisturizer එකක් එකතු කරන්න.
දිනපතා ඉතාමත් පරිස්සමෙන්, නොවරදවා ආලේප කරන make-up එකට ඔබව හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන් නම්? ඔබේ දිනපතා make-up එකට Lacto Lotion එකතු කිරීමෙන්, ඔබේ make-up එක ඔබව හිරු කිරණින් ආරක්ෂා කරයි! Lacto Lotion තුල අන්තර්ගත Zinc Oxide වලට ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන්. Lotion එකක් වශයෙන්, සම්පූර්ණ ආරක්ෂාවත් සමගම, Lacto Lotion එක ඔබේ සම ඇතුලතින් පෝෂණය කරමින්, කුරුලෑ ලප කැළැල් ඔබේ සමින් ඉවත් කරයි.
3. අව් කන්නාඩි භාවිතා කරන්න
ආලේපනයක් භාවිතයෙන් ආරක්ෂා කල නොහැකි අංගයකි ඔබගේ ඇස් දෙක. දිනපතා අව්වේ යන විට නොවරදවා අව් කන්නාඩි භාවිතා කරන්න. මෙමගින්, අහිතකර හිරු කිරන වලින් ඔබේ සම ආරක්ෂා කරන අතරම, දීර්ග කාලීනව ඔබගේ පෙනීම ද ආරක්ෂා කරයි.
4. ඔබගේ සම ආවරණය කරන්න
හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කිරීමට පහසුම ක්‍රමය වන්නේ ඔබේ සම ආවරණය කිරීමයි. ඉර අව්වේ එලියට යනවිට ඔබගේ සමේ සංවේදී ප්‍රදේශ (බෙල්ල පිටුපස, උරහිස, අත් යනාදිය) ශෝල් එකක් හෝ කුඩයක් භාවිතයෙන් ආවරණය කරන්න.
5. Moisturize කරන්න
අධික රස්නය සහ අහිතකර හිරු කිරණ ඔබගේ සම ඇතුලතින් වියලි කරයි. මෙනිසා, අධික ලෙස රස්නය සහ හිරු කිරණ ඇති දින වල පැයකට වතාවක් වත් ඔබේ සම moisturize කිරීම අනිවාර්යයි. ඔබගේ Moisturizer එක තුල මෙම ද්‍රව්‍ය ඇතුලත් වී ඇත්දැයි බලන්න. Witch hazel, ඔබේ සම ඇතුලතින් ආරක්ෂා කර පෝෂණය කරන අන්තර්ගතයක් වන අතර, Calamine වල ඇති Zinc Oxide සම අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරමින් හිරු රශ්මියෙන් හානි වී ඇති ඔබේ සම සුව කරයි. මේ සියල්ලම අන්තර්ගත වන Lacto Calamine, ඔබේ සමට පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දෙයි.
අහිතකර හිරු කිරණින් ඔබේ සම සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න කල හැකි දේ බොහොම පහසුයි. ඔබත් අදම ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න. සුන්දර, නීරෝගී සමක් ලබාගන්න.