SPF ඔබේ සමට කෙසේ බලපාන්නේ දැයි විද්‍යාත්මකව දැන ගනිමු

This article is also available in

[wpml_language_selector_widget]

හිරු උදාවත් සමඟ පිබිදී ඒ සමඟම දෛනික වැඩ කටයුතු ආරම්භ කරමින්, මෙකී හිරු අවරට යෑමේදී දෛනික කටයුතු අවසන් කිරීමට පුරුදු වී සිටින අපට හිරුගෙන් තොර ලොවක් නොමැති තරම්ය. මෙකී හිරුගෙන් පතිත වන එළියෙන් අපට ලැඛෙන වාසි සහ අවාසි පිළිබඳව නිසි දැනුමක් ලබා සිටීම මේ නිසා අපට ඉතාමත් වැදගත්ය. අපේ සමට හිරු එළියෙන් වන හිතකර සහ අහිතකර බලපෑම පිළිබඳව නිසි පරිදි දැනුවතවීමෙන් අපේ සමට විය හැකි අහිතකර බලපෑමෙන් ඉවත්වී ජීවත්වීමට අප සියලූ දෙනාටම හැකි වනු ඇත. තවමත් අප හිරු එළියේ අහිතකර බලපෑම පිළිබඳව විද්‍යාත්මක දැනුමක් ලබා නොමැති වූවද ඒ පිළිබඳව යම් හෝ දැනුමක් ලබා සිටී. එසේ වූවද හිරු එළියෙන් අපේ සමට වන හානිය වළක්වා ගැනීම සඳහා හිරු ආවරණ ආලේපනයක් (Sun Lotion) සමට ආලේප කිරීමට පුරුදු නොවීම එක්තරා අන්දමක පුදුමයක් ලෙසත් සැලකිය හැකිය. අපගෙන් බහුතරයකට හිරු එළියෙන් අපේ සමේ ඇති වන ක්ෂණික පිළිස්සීම් පිළිබඳව හැඟීමක් නොමැතිය. එමෙන්ම හිරු ආවරණ ආලේපනයක් සමට ආලේප කරමින් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීම පිළිබඳව ද ඒ හැටි අවශ්‍යතාවක් ද නොමැතිය.

අපගෙන් ඇතැමුන්ගේ සමේ හිරු එළියෙන් සමේ ඇති වන ක්ෂනික පිළිස්සුම් ක්ෂණිකවම දැක ගත හැකි වේ. එපමණක් නොව ඔවුන්ගේ සමේ පැහැය ක්ෂණිකවම අඩුවීමක් ද දැක ගත හැකි වේ. නමුත් යම් අයකු මේ පිළිබඳව දිගින් දිගටම නොසළකා හැරීමෙන් සිදු වන්නේ පසු කාලීනව හෝ ඔවුන් මොලනොමා (Melanoma) සහ වයසට වඩා සම වියපත්වීම හෙවත් ෆ්‍රී මැචුවර් ඒජීන් (Premature aging) තත්ත්වය සහ එම තත්ත්වයන්ගෙන් මිදීම සඳහා ඔවුන්ගේ ජීවිතයේ වැඩි කාලයක් වැය කරයි. මෙය සැබවින්ම ඉතාම කණගාටුදායක කාරණයකි.

  • ඇති වන බලපෑම පිළිබඳව ඔබ දන්නවාද?

අද වනවිට වෙළෙඳ පොළේ ඕනෑතරම් හිරු ආවරණ ආලේපන (Sun lotion) අපට මිළට ගැනීමට තිබේ. නමුත් ඔබ පළමුවෙන්ම සොයා බැලිය යුත්තේ ඔබේ සමේ වර්ගයට වඩාත් ගැළපෙන මෙන්ම හිතකර හිරු ආවරණ ආලේපන අගය ඇති (SPF) හිරු ආවරණ ආලේපනය (Sun lotion) කුමක් ද යන්නයි. ඒ අනුව ඔබේ සමට වඩාත් සුදුසු වන හිරු ආවරණ ආලේපනය (Sun lotion)
ඔබ තෝරා ගත යුතුව ඇත.

හිරු එළියේ තිඛෙන අල්ට්‍රාවයලට් කිරණ හෝ පාරජම්බුල කිරණවලට ඔබේ සම වැඩි වැඩියෙන් නිරාවරණයවීමෙන් සමේ පිළිස්සීම ඇති වන අතර එය තව තවත් දරුණු වූවිට සම මතුපිට තඩිස්සිවීම් සහ කුඩා බිබිළි මතුවීමක් ද ඇති විය හැකිය. මෙම තත්ත්වයන් මුලින් ඉතා සෙමෙන් සෙමෙන් පටන් ගෙන ක්‍රම ක්‍රමයෙන් වඩාත් වේදනාකාරී තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකිය.

ඔබ විසින්ම හිරු එළියේ තිඛෙන අහිතකර කිරණවලින් ආරක්ෂාවීම යනුවෙන් අප අදහස් කරන්නේ ඔබ සම්පූර්ණයෙන්ම හිරු එළියෙන් ඉවත්වී ජීවත්වීම නොවේ. නිරෝගීමත් ජීවිතයක් ගත කිරීම සඳහා හිරු එළියෙන් අපට ස්වාභාවිකවම ලැඛෙන විටමින් “ඩී” (Vitamin D) සංඝටකය පිළිබඳව අපට සුළුවෙන් තැකිය නොහැකි අතර එය අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමිනයක් වනු ඇත. නමුත් එසේ වූවද අප හිරු එළියට නිරාවරණය විය යුත්තේ අනාගතයේ අපේ සමෙහි ඇති විය හැකි අවදානම් තත්ත්වයන්ගෙන් සමේ ආරක්ෂාව හොඳින්ම සළසා ගැනීමෙන් පමණක්ම වන බව මතක තබා ගන්න.

  • මිළට ගත යුත්තේ කුමක්දැයි ඔබ දන්නවාද?

ඔබේ සමේ වර්ගය අනුව ඒ මත නිසි පරිදි ක්‍රියාත්මක වන සංඝටක ඇතුළත් සහ වඩාත් ගැළපෙන SPF අගයක් හෝ හිරු ආවරණ ආලේපන අගයක් (Sunburn Protection Factor) සහිත හිරු ආවරණ ආලේපනයක් (Sun lotion) තෝරා ගැනීම ඉතාම වැදගත් වේ.

එසේ කිරීමෙන් හිරු ආවරණ ආලේපනයේ තිඛෙන SPF අගය මඟින් හිරු එළියේ තිඛෙන අල්ට්‍රා වයලට් “බී” කිරණ හෝ UAB කිරණ මඟින් සමට වන හානිය අවහිර කරනු ඇත.

සමට වඩාත් හිතකර SPF අගයක් සහිත හිරු ආවරණ ආලේපනයක් භාවිතය මඟින් හිරු එළියේ අන්තර්ගත පාරජම්බූල කිරණ මඟින් ඔබේ සමේ ඇති විය හැකි පිළිස්සීම් හෝ පැහැයේ වෙනස්කම් ඉවත් කරමින් සම ආරක්ෂා කිරීමට ක්‍රියා කරනු ලබන අතර එය සම්පූර්ණයෙන්ම රදා පවතින්නේ ඔබේ සමේ වර්ගය මත සහ එම පිළිස්සුම ඇති වන්නේ කෙසේද යන්න මත වේ.

හිරු ආවරණ ආලේපනයක් ආලේප කිරීමෙන් පසුව සමේ පිළිස්සීම් ඇති නොවී ආසන්න වශයෙන් කොපමණ කාලයක් ඕනෑම කෙනකුට සිටිය හැකි දැයි දැන ගැනීමත් ඉතා වැදගත් වේ. එම අත්දැකීම ලබා ගැනීම සඳහා ඔබට විනාඩි 600 ක් හෙවත් පැය 10 ක කාලයක් හිරු එළියට නිරාවරණය වෙමින් සිටිය යුතු වේ. නමුත් එය හරියටම නිවැරදිම මිනුම් දණ්ඩක් නොවන අතර UV කිරණ අප වෙත ළඟාවීම විවිධ හේතුන් මත පදනම් විය හැකිය. හිරු එළියේ අන්තර්ගත අහිතකර කිරණවලින් ආරක්ෂාවීම සඳහා SPF අගය ඉහළ හිරු ආවරන ආලේපයක් සමේ ආලේප කර ගැනීම වඩාත් වැදගත් වේ. විශේෂයෙන් SPF අගය 50 ක් වන හිරු ආවරණ ආලේපනයක් මඟින් හිරු එළියේ තිඛෙන UVA සහ UVB කිරණ යන දෙවර්ගයෙන්ම වඩාත් වැඩි ආරක්ෂාවක් ඔබට අපේක්ෂා කළ හැකිය.

  • කළ යුත්තේ කුමක් දැයි දන්නවාද?

ඔබ නිවසින් බැහැරවීමට අවම වශයෙන් විනාඩි 30 කට කළින් ඔබේ සමට වඩාත් ගැළපෙන හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න. එසේ කිරීමෙන් ඔබේ හිරු ආවරණ ආලේපනය ඉතා ඉක්මණින් සමට උරා ගනිමින් ඔබේ සම හිරු එළියේ තිඛෙන අහිතකර කිරණවලින් ආරක්ෂා කරමින් සම නැවත පිරිසිදු කරන තෙක් ඔබට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙනු ඇත.

Share

The Science of SPF & How it Affects Your Skin

මෙම ළිපිය සිංහලෙන් කියවන්න

[wpml_language_selector_widget]

If you are someone who craves the warmth of the sun without thinking twice about applying anything outwardly then you might have to start rethinking about the potential harm that the rays of the sun might actually do to your skin. Many of us don’t feel the burn or rather do not bother about the need for applying a sun lotion for extra protection. Some of us instantly feel the burn and turn into a shade darker very quickly. But, regardless of complexion, we all need to consider the fact that sunburn can actually turn into something unpleasant overtime, such as melanoma and premature aging.

  • Know the effects

There are various types of sun lotions out there for use but before going about grabbing the first sun lotion bottle you spot, you should first do your research and choose the right SPF for your skin. Sunburn is the damage that is caused to your skin due to overexposure to ultraviolet or UV rays from the sun. The more severe it gets, the more you become prone to forms of swelling and blisters. It is one of those entities that stealthily causes you pain over time and paves way for other skin prone afflictions.

Protecting yourself from the sun doesn’t mean that you simply need to cover up and stay away from the sun completely. The Sun itself is a good source of Vitamin D so we need not deprive ourselves from the goodness of this heavenly body. But, however we expose ourselves to the sun, we need to adopt precautions in order to safeguard our skin from unfavourable skin conditions which might tend to occur in the future.

  • Know what you buy

Choosing the right SPF or ‘Sunburn Protection Factor’ is important if we are to ensure that the right formula works for the right skin type. An SPF is a measure that determines how efficiently a sun lotion works to block ultraviolet B or UVB rays from damaging your skin. A sun lotion with an SPF rating acts as a shield that eliminates UV photons from reaching our skin and causing any damage. This of course depends entirely on your skin type and how inclined it is to burn. The numbers applied represent an approximate measure of time a person who has applied sun lotion can stay out without getting burned.

In theory, you should be able to experience about 600 minutes or 10 hours, in the sun. But, this is not an exact estimation since the UV light that reaches us depends on a number of factors. The higher the SPF number, the stronger the shield power is and the longer one can stay out in the sun. So, if you opt for an SPF 50 sun lotion, you can expect more protection from both UVA and UVB radiation.

  • Know what to do

When applying sun lotion, do this roughly 30 minutes before you plan to go out in the sun. This is also bound to give you best results as it can be quickly absorbed by the skin and is less likely to wash off when perspiration begins to kick in.

Share