වායු දූෂණය නිසා ඔබේ සමට සිදුවන හානි වලින් ආරක්ෂා වෙමු

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

[wpml_language_selector_widget]

වායු දූෂණය කියන්නේ, මේ දවස් වල අපි හැමෝම කතාබහ කරන මාතෘකාවක්. මෑතකදී කොළඹ නගරයම මීදුම වැනි දුමකින් වැසුනා ඔබට මතක ඇති. Smog – නැති නම් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කොළඹට ආවා යයි කියන මෙම දූෂණය වුනු වායු පටලය වැනි දිනපතා විවිධ වායු දූෂණයට අදාළ ප්‍රවෘත්ති අපට අසන්නට ලැබෙනවා.

වාහන වලින් පිටවන දුම, අවිධිමත් කසල බැහැකිරීම සහ කර්මාන්තශාලා වලින් පිට කරන කසල සහ දුම් වැනි විවිධ හේතූන් නිසා සිදුවන වායු දූෂණය, අද ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. වායු දූෂණය නිසා අපගේ සෞඛ්‍ය ට සිදුවන අහිතකර බලපෑම් ගැන අපි යම් තාක් දුරට දැනුවත්ව සිටියත්, එමගින් අපගේ සමට සිදුවන අහිතකර බලපෑම් ගැන අපගේ දැනුවත්කම තරමක් අඩුයි.

වායු දූෂණය අපගේ සමට බලපාන්නේ කොහොමද?

1. සම වයසට යෑම

ශ්‍රී ලංකාව, සමකයට නුදුරින් ඇති රටක් නිසා අපගේ සම අකාලයේ වයසට යෑමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි. මෙයට අමතරව, වාහන වලින් සිදුවන වායු දූෂණය අධික නගරවල, අකාලයේ සම වයසට යාම සහ කම්මුල් සහ නළල් පෙදෙස් අකාලයේ අවපැහැ ගැන්වීම 20% කින් වැඩි බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම, තෙල් බැදීම වැනි ක්‍රියාකාරම් නිසා ඇතුලත සිදුවන වායු දූෂණය නිසා සමේ ලප කැළැල් වැඩි වන බවද, පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

2. දද වැනි සමේ අසාත්මිකතා

දද යනු සාමාන්‍යයෙන් ජානමය තත්වයක් වූවද, වායු දූෂණය වැඩි ප්‍රදේශවල අයට ජානමය තත්වයක් නැතුවද දද වැනි සමේ අසාත්මිකතා හටගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙයට බොහෝ විට මුහුණදෙන්නේ බිලිඳුන් සහ කුඩා දරුවන්. දද වැනි සමේ අසාත්මිකතා උදාසීන තත්වයක ඇති අයගේ ද, මෙම තත්වයන් සක්‍රීය වීමට වායු දූෂණය හේතුවක් ලෙස දැක්වෙනවා.

3. සම මත පලු දැමීම

විවිධාකාර අසාත්මිකතා නිසා අප සැමෝම, ජීවිතයේ එක් වතාවක් හෝ සම මත පලු දැමීම නිසා අපහසුතාවයට පත්වෙලා ඇති. නමුත්, හේතුවක් නොමැතිව පලු දැමීම, බොහෝ විට සිදුවන්නේ වායු දූෂණය නිසා බව, කැනඩාවේ කරන ලබා පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

4. කුරුලෑ

නිරෝගී නිකැළැල් සම ඇති අයට වූවද, වායු දූෂණය නිසා කුරුලෑ ලප කැළැල් ඇති වේ. සම මතුපිට තැන්පත් වෙන දුහුවිලි, සමේ කුඩා විවරයන් අවහිර කරන අතර, මෙනිසා ඇතිවන කුරුලෑ නිසා දීර්ග කාලීනව සම අවපැහැගැන්වීම, ලප කැළැල් වැනි තත්වයන් ද ඇති විය හැක

වායු දූෂණයෙන් අපගේ සම ආරක්ෂා කරගන්නේ කෙසේද?

1. නිතරම සම මතුපිට ආලේපනයක් භාවිතා කරන්න

සමේ තෙතමනය රකිමින් සම පෝෂණය කල හැකි ලෝෂන් එකක් හෝ මොයිස්චරයිසර් එකක් දිනපතා එළිමහනට යාමට පෙර භාවිතා කරන්න. මෙය ඔබගේ සම පිටත පරිසරයෙන් ආරක්ෂා කරන ස්තරයක් වන අතර දිනපතා පරිසරයේ ඇති කුණු දුහුවිලි වලින් ඔබේ සම ආරක්ෂා කරයි

2. දිනපතා මෘදු ක්ලෙන්සරයක් භාවිතා කරන්න

දිනපතා ඔබේ සම මතුපිට රැදෙන කුණු දුහුවිලි ඉවත්කිරීමට, දිනපතා මෘදු ක්ලෙන්සරයක් භාවිතා කරන්න. මෙමගින් සම ඇතුලත රැදී ඇති දුහුවිලි ඉවත්කරන අතර, මියගිය සමේ සෛලද ඉවත් කරයි.

3. සම සුවපත් කරන, කැලමයින් සහිත ලෝෂන් එකක් දිනපතා භාවිතා කරන්න

කැලමයින් යනු, සම සුවපත්කරන, සමේ පිළිස්සීම් නැති කරන සහ කුරුලෑ නැතිකරන ගුණාංග ගොහොමයක් ඇති අන්තර්ගතයකි. ලැක්ටෝ කැලමයින් ලෝෂන් එක තුල, මේ සමගම, සමේ ඇති කුඩා තුවාල සල කැළැල් සුව කල හැකි විච් හේසල් ද අන්තර්ගතව ඇත.

වායු දූෂණය නිසා සැමට ඇතිවන හානි සහ එයින් ආරක්ෂා වෙන ආකාරය ගැන දැනුවත්වීම ඉතාමත්ම වැදගත් වන අතර, ඔබගේ සමේ දීර්ගකාලීන ආරක්ෂාවටද බලපාන බව අමතක කරන්න එපා.

Written by Shana

Share