කැලමයින් භාවිතා කිරීමෙන් ඔබේ සමට ඇති වාසි 8ක්

This article is also available in

[wpml_language_selector_widget]

Calamine වලට, වසර1500 තරම් දිගු ඉතිහාසයක් ඇති බව ඔබ දන්නවාද? චීනය සහ ඉන්දියාව ආශ්‍රිතව සිටි පුරාණ ශිෂ්ටාචාර, සමේරෝග සුව කිරීම සහ සම සුන්දර කිරීමට zinc පදනම් කරගත් ආලේප භාවිතා කල බවට සාක්ෂි පවා හමුවෙනවා. කැලමයින් යනු, zinc පදනම් කරගත්, ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අත්‍යාවශ්‍ය බෙහෙතක් ලෙස නම් කරන ලද ආලේපනයක්.

කැලමයින් භාවිතය මගින් ලබාගත හැකි ප්‍රයෝජන බොහොමයි. සමේ සෞඛ්‍යය වෙනුවෙන් මෙන්ම සමේසුන්දරත්වය වැඩි කිරීමටද කැලමයින් වලට හැකියාව තිබෙනවා. Zinc oxide සහ zinc carbonate වල සංයුතියක්වන කැලමයින්, 18 වැනි ශතවර්ෂයේ සිටම රූපාලන්කාරකයක් වශයෙන් භාවිතා කර ඇති අතර විවිධාකාර වූ සමේරෝග වලටද, ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කර තිබෙනවා. එදා සිට අද වනතුරු, කැලමයින් වෙත ඇති විශ්වාසය, තවමත් නොවෙනස්ව පවතිනවා.

කැලමයින් භාවිතයෙන් සමට ඇති වාසි බොහොමයකි:

1. වියලි සමේ තෙතමනය සුරකින අතර, තෙල් සහිත සමේ තෙල් ගතිය පාලනය කරයි

සමේ තෙල් ගතිය වගේම වියලි ගතියත් පාලනය කල හැකි ආලේපනයක් පිලිබඳ ඔබ අසා තිබේද? එවැනි විශ්මයජනක හැකියාවක් ඇති ආලේපනයක් තමයි කැලමයින්! බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මිශ්‍ර සමක් ඇතිනිසා, කැලමයින් මගින් බොහෝ සම ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න වලට විසදුමක් ලබා දෙනවා.

2. කුරුලෑ වලින් ඔබේ සම ආරක්ෂා කරයි

අප බොහෝ දෙනා කුරුලෑ සහ ලප කැළැල් නිසා ජීවිතයේ එක් වතාවක් හරි පීඩාවට පත්වෙලා තිබෙනවා. Zinc වල ඇති කුරුලෑ වියළීමේ හැකියාව නිසා එය කුරුලෑ වලට ඉතා හොඳ විසඳුමක් වන අතරම, කුරුලෑ පාලනය කරමින්ඔබගේ සම ඉතාමත් ඉක්මනින් සුන්දර සුමුදු සමක් බවට පත් කරනවා.

3. ළප කැළැල් වලින් තොර පැහැදිලි සමක් ලබා දෙයි

කැලමයින් වල ඇති සම සුවපත් කිරීමේ හැකියාව නිසා ඔබගේ සමේ ඇති ළප කැළැල් නැති කර, ඔබට පැහැදිලිසමක් ලබා දීමට කැලමයින් වලට පුළුවන්!

4. හිරු එළියෙන් ඔබව රැකගනියි

හිරු එලිය නිසා ඔබේ සමට විවිධාකාර ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවෙනවා. අව්වට පිළිස්සීම, වියළීම මෙන්මසමේ පිළිකා වලටද හිරු එලිය හේතු වෙනවා. අහිතකර හිරු කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කරමින්, ඔබගේ සම ඇතුලතින් පෝෂණය කිරීමේ හැකියාව කැලමයින් සතුව පවතී!

5. රාත්‍රී ආලේපකයක් වශයෙන්ද සුදුසුයි

සුන්දර සුසිනිදු සමක් සමග අවදිවෙන්න, රාත්‍රී ආලේපකයක් වශයෙන් කැළමයින් භාවිතා කරන්න. එහි ඇතිපෝෂකයන්, රාත්‍රිය පුරා ඔබේ සම සුවපත් කර, ඔබට නිරෝගී සුන්දර සමක් ලබා දෙනවා.

6. සම පැහැපත් කරයි

දිනපතා භාවිතයෙන් ඔබට සුන්දර පැහැපත් සමක් ලබාදීමට කැලමයින් වලට හැකියාව තිබෙනවා. මෙහි අඩංගු වීඇති Kaolin, ස්වභාවිකව සම පැහැපත් කරමින්, ඔබට නිකැළැල් සහ දිදුලන සමක් ලබා දෙන්න උපකාරී වෙනවා.

7. සම වයසට යාම වළක්වයි

කැලමයින්, ඔබගේ සමේ රැළි වැටීම අඩු කර, ඔබට සුන්දර සහ තරුණ සමක් ලබා දෙනවා. වෙළඳපොලේ ඇතිරසායන ද්‍රව්‍ය වලින් පිරි, මිල අධික, සම වයසට යාම වළක්වන ක්‍රීම් වර්ග සමග සසදා බලන විට, කැලමයින් යනු ඉතා ආරක්ෂාකාරී ආලේපනයක්.

8. අනවශ්‍ය රෝම ඉවත් කිරීමට wax හෝ shave කිරීම නිසා ඔබගේ සැමට ඇතිවන හානි වලින් ඔබව ආරක්ෂාකරයි

ඔබ wax හෝ shave කරන අයෙක්නම්, එම ප්‍රදේශ නිතරම වියළීමේ ප්‍රශ්නයට ඔබත් මුහුණ දෙනවා ඇති. මෙයවලක්වාගැනීමට wax හෝ shave කිරීමෙන් පසුව නොවරදවා කැලමයින් lotion එක එම ප්‍රදේශ වල ආලේප කරන්න.ඉතා සුමුදු ලෙස shave කිරීමට, shaving cream හෝ සබන් වෙනුවට කැලමයින් lotion භාවිතා කර shave කරන්නත් පුළුවන්.

කැලමයින් කියන්නේ ඔබගේ සමේ තෙතමනය රැකගනිමින්, ඔබගේ සම පැහැපත් කරමින්, ඔබව හිරු කිරණින්ආරක්ෂා කල හැකි ආලේපකයක් බව අමතක කරන්න එපා!

ඔබත් Lacto කැලමයින් භාවිතා කරනවාද?

Share