THIS ARTICLE IS ALSO AVAILABLE IN
Sensitive සමක් කියන්නේ, ලේසියෙන් විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක එක අයට sensitive skin එක බලපාන්නේ එක එක විදිහට. නමුත්, තමන්ගේ skin type එක මොන වගේද කියලා හරියටම දැනගැනීම හැමෝටම වැදගත් – විශේෂයෙන්ම sensitive සමක් ඇති අයට. තමන්ගේ skin type එක හරියටම දැනගැනීමෙන්, අපි නොදැනුවත්ව කරන, සමට හානිදායක දේ, මගහරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, skin එකට සුදුසු නැති ආලේපන භාවිතා කිරීමෙන් සහ ඔබේ ආහාර වේලට skin එකට අහිතකර දේවල් එකතුකිරීමෙන් ඇති වන සංකූලතා, හරියටම ඔබේ skin type එක දැනගැනීමෙන් ඔබට මගහරින්නට පුළුවන්.
එත් skin එක sensitive ද කියල අපි හරියටම දැනගන්නේ කොහොමද? ඔයාගේ සමේත් මේ වගේ සංකූලතා නිතරම ඇති වෙනවා නම්, ඔබටත් හුඟක් විට ඇත්තේ sensitive skin එකක් වෙන්නට පුළුවන්.
1. සම නිතරම විවිධ දේවල් වලට ප්‍රතික්‍රියා කිරීම
විවිධ සබන් වර්ග, සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, sanitizer ආදිය භාවිතා කරද්දී ඔබේ සම රතු වෙන්න, කසන්න, නැත්තම් වියලෙන්න බලනවා නම් ඔබේ සම sensitive වෙන්නට පුළුවන්. සමේ සංවේදීතාවයට අනුව මෙය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපාන්නට පුළුවන්. අධික ලෙස සංවේදී සමක් ඇති නම් බොහෝ විට ඔබේ සම අධික සීතලට හෝ අධික රස්නයටත් ප්‍රතික්‍රියා කරන්නට පුළුවන්.
2. වියලි සම
Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම් , වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.
3. නිතර කසනසුළු බව
Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම්, වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.
4. සම රතු වීම
අධික රස්නය, දුහුවිලි, සීතල, sanitizer භාවිතය වැනි විවධ හේතු නිසා ඔබේ සම රතු වී, කුඩා බිබිලි මතු වීම sensitive skin ඇති බවට සලකුණක්. ඔබේ සමේ මෙවැනි අසාත්කමිකතා ඇති කරන හේතු ඔබටම ආවේනික නිසා, ඒවා මගහැරීමට වගබලා ගන්න.
5. කුරුලෑ
Sensitive skin ඇති සියලුදෙනාම කුරුලෑ වලට මුහුණපානවා. නමුත් මේ කුරුලෑ, සාමාන්‍ය කුරුලෑ වලට භාවිතා කරන බෙහෙත් වලට හොඳ වෙන්නේ නෑ. සැරව පිරි, රතු කුරුලෑ ඔබේ මුහුණේ, පිටේ වැනි ස්ථාන වල ඇති නම් ඉක්මනින්ම ඔබ සම පිලිබඳ විශේෂඥ්ය වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න.
Sensitive skin යනු බොහෝ දෙනෙකුට බලපාන තත්වයක්. නමුත් මෙය පාලනය කල හැකි තත්වයක්. නිතරම, ඔබේ සමේ සංවේදීතාවය වැඩි කරන දේවල් වලින් වැළකී, දිනපතා ඔබේ සම සුවපත් කල හැකි, කැලමයින් සහිත, Morisons Lacto Calamine වැනි lotion එකක් භාවිතා කරන්න.
Written by Shana