සංවේදී සම රැකගන්නේ කොහොමද?

THIS ARTICLE IS ALSO AVAILABLE IN

[wpml_language_selector_widget]

සංවේදී සම යනු, බොහෝ දෙනා ඉතාමත් අපහසුතාවයට ලක් කරන තත්වයක්. නිතරම රතු වෙන, නිතර කසන සුළු සහ නිතරම විවිධ බාහිර සහ පාරිසරික සාධක වලට ඔබේ සමත් ප්‍රතික්‍රියා කරනවා නම්, ඔබටත් ඇත්තේ සංවේදී, නැතිනම් sensitive skin එකක්.

ඔබත් ඔබේ සමේ සංවේදී බව නිසා අපහසුතාවයට ලක්වෙනවා නම්, අනිවාර්යයෙන්ම චර්ම වෛද්යවරයෙක් හමුවන්නට අමතක කරන්න එපා. විවධ අයගේ සමේ සංවේදීබව ඇතිවන්නේ විවධ හේතු නිසා. අධික රස්නය, අධික සීතල, විවිධ සබන් වර්ග, රෙදි සෝදන detergent වර්ග වැනි විවධ සාධක, ඔබේ සමේ සංවේදීබව වැඩි කරන හේතුවක් වෙන්නට පුළුවන්. වෛද්‍යවරයෙක් හමු වී හරියටම මෙම සාධකය හදුනාගැනීමෙන්, ඔබේ සම රැකබලාගැනීම පහසු වෙනවා.

ඔබේ සම, ඔබේ සිරුරේ විශාලම ඉන්ද්‍රියයි. මෙනිසා, ඔබේ සම රැක බලා ගැනීම, ඔබේ සෞඛය ට ඉතාමත් වැදගත් වෙනවා. ඔබට ඇත්තේ සංවේදී සමක් කියා ඔබ සිතනවා නම්, වෛද්‍ය උපදෙස් පිළිපදිමින්, මෙන්න මේ දේ කරන්නටත් අමතක කරන්න එපා.

1. ස්වභාවික ඇඳුම් වලට මාරු වන්න

ඔබගේ ඇඳුම් ඔබේ සමේ සෞඛය ට බලපෑමක් ඇති කරන බව ඔබ දන්නවාද? Nylon, polyester වැනි කෘතීම රෙදි වර්ග වලින් සකසන ඇඳුම් නිසා සමේ සංවේදීතාව වැඩි වෙනවා. එමෙන්ම සමට වාතාශ්‍රය නොලැබෙන සේ තදට ඇඳීමෙන් ද, සමේ සංකූලතා ඇති වීමේ ප්‍රවනතාව වැඩි වෙනවා. කපු, ලිනන් වැනි ස්වභාවික රෙදි වලින් මසන ලද, සැමට වාතාශ්‍රය ලැබෙන ලිහිල් ඇඳුම් වලින් ඔබේ සමේ සංවේදීතාවය අවම කරගන්නට පුළුවන්.

2. සමේ තෙතමනය රැක ගන්නට නිතරම moisturize කරන්න.

සංවේදී සම ඇති අයගේ සමේ මතුපිට ස්ථරය, බොහෝ විට තුනී වීමේ ප්රවණතාවයක් දක්වන අතර, මෙනිසා සම වියලීමට ලක්වෙනවා. දිනපතා ස්වභාවික, සමට මෘදු, සංවේදී සම වෙනුවෙන්ම සාදන ලද, Morison Lacto Hydra Intense Cream වැනි ආලේපනයක් භාවිතා කිරීමෙන්, සමේ වියලි බව අඩු කරගන්නට පුළුවන්.

3. ඔබේ සමේ සංවේදීබව ඇති කරන සාධක හඳුනාගන්න

සබන් වර්ග, සුවද විලවුන් වර්ග, විවිධ අයට සමේ සංවේදීබව ඇති වන්නේ විවධ හේතු වලට. ඔබේ සමේ සංවේදීබව ඇතිවන හේතුව හරියටම හඳුනා ගත්විට, ඔබේ සම ඔබට කියන දේ ඔබ අසන විට, එම හේතු වලින් වැළකී සිටීමෙන් සමේ සංවේදී බව අවම කරගන්නට පුළුවන්.

4. අධික සීතලෙන් හා උෂ්ණත්වයෙන් ආරක්ෂා වන්න.

සමේ සංවේදී බව වැඩි වීමට ප්රධාන හේතුවක් වන්නේ අධික සීතල හෝ අධික රස්නයයි. ඔබේ සම සීතලෙන් හා රස්නයෙන් ආරක්ෂා කිරීමෙන්, සමේ සංවේදී බව පාලනය කරගන්නට පුළුවන්.

බොහෝ දෙනා සමේ සංවේදී බවෙන් අපහසුතාවයට ලක් වූවද, සංවේදී බව ඇති කරන සාධක වලින් වැළකීමෙන් සහ නිතරම සම moisturize කිරීමෙන් ඔබට ඔබේ සංවේදීබව ඉතාමත් පහසුවෙන් පාලනය කරගන්නට පුළුවන්.

Written by Shana

Share