
අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පහසු ක්‍රම 5ක්
හිරු මුදුන් වී ඇති මේ දවස්වල, ඔබේ සම අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත්. මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස ඉර මුදුන් වීම නිසා, හිරු රශ්මියෙන් සමට ඇතිවෙන හානිය ඉතාමත්ම බරපතලයි. අහිතකර UVA සහ UVB කිරණ වලින්, මේ දින වල ඔබේ සම ආරක්ෂා කරගන්න පහසු ක්‍රම 5ක් මෙන්න!

Pimples සහ Blackheads වලින් නිදහස් වෙන්න – දිනපතා මෙන්න මේ පියවර 3 අනුගමනය කරන්න!
සියලු කාන්තාවන් එක සේ පිළිකුල් කරන දෙයක් ඇතිනම්, ඒ pimples සහ blackheads වේ. ඔබ සියලුදෙනාම අකමැති මේ pimples සහ blackheads ඇති වන්නේ ඇයි කියා ඔබ දන්නවාද?
Pimples සහ blackheads යනු සමෙහි ඇතිවෙන කුරුලෑ වර්ග වේ. Pimple එකක් යනු, සම තුලින් පැසවී ඇති කුරුලෑවකි. සාමාන්‍යයෙන්, pimple එකක් රතු හෝ සුදු පැහැයට හුරු වන අතර, එතුල බොහෝ විට සුදු පැහැති සැරව වැනි ද්‍රව්‍යයක් දකින්නට ඇත.

ඔබගේ සමේ ඇති කැළැල් නැතිකරගැනීමට පහසු ක්‍රම 5ක් !
සමේ කැළැල් ඇති වීම, බොහෝ කාන්තාවන්ට ඉතා විශාල හිසරදයක්. සමේ ඇති අවපැහැ ගැන්වුණු ප්‍රදේශ නිසා ඔබත් බොහෝ අවස්ථාවල අපහසුතාවයට පත්වෙන්නට ඇති. මෙවැනි කරදරකාරී කැළැල් සුව කිරීමට පෙර, කැළලක් යනු කුමක්ද යන්න දැනගැනීම ඉතා වැදගත්.

ඔබේ බිළින්දා දහඩිය බිබිලි වලින් ආරක්ෂා කරගන්නේ මෙහෙමයි
හිරු සමකයට මුදුන් වන කාලයේ ඇති වන අධික රස්නය නිසා බොහෝ විට අපහසුතාවයට පත් වන්නේ කුඩා දරුවන්! අධික ලෙස රස්නය ඇති කාල වලදී සම නිතරම දහඩිය පිට කරන අතර, මෙලෙස අධික ලෙස දහදිය පිටකිරීම බිලින්දාගේ සිනිදු සමට දරාගැනීමට බොහෝ විට අපහසු වෙනවා. මෙලෙස අධික ලෙස දහදිය පිටවීම මගින් ඔබේ සිඟිත්තාගේ සමේ ඇති, ඉතා කුඩා දහදිය පිටවන කුහර තුල දහදිය සිර වීමෙන්, දහදිය බිබිලි ඇති වෙනවා.

අධික රස්නය නිසා ඇතිවන දහඩිය බිබිලි වළක්වාගන්නේ කෙසේද?
මේ දවස්වල අධික රස්නය නිසා ඔබත් අපහසුතාවයට පත්වෙලාද? මෙනිසා සම මතුපිට ඇති වන දහඩිය බිබිලි, එමගින් ඇතිවන කැසීම සහ සමේ අසාත්මිකතා නිසා ඔබගේ දෛනික ජීවිතයත් පීඩාකාරී වෙලාද? අධික රස්නය ඇති කාල වලදී දහදිය බිබිලි යනු බොහෝ දෙනා මුහුණදෙන ප්‍රශ්නයක්. දහඩිය බිබිලි මතුවන්නේ ඔබගේ සමේ ඇති දහඩිය පිටකරන කුඩා සිදුරු අවහිර වූ විටයි. සම මතුපිටට පැමිණීමට නොහැකිව මෙලෙස සිර වන දහඩිය ආසාදනය වීමෙන් සම මතුපිට දහඩිය බිබිලි ඇති වෙනවා.
ශ්‍රී ලංකාව වැනි උෂ්ණ කලාපීය රටවල් වල දහඩිය බිබිලි ඉතා සුලභ වූවත්, ඉතාමත් ලේසියෙන් දහඩිය බිබිලි ඇතිවීම වළක්වාගන්න පුළුවන්!

සම සුදු කරගැනීම පිලිබඳ ඔබ නොදන්නා දේ
සුදු සම ලස්සනයි කියන එක අප බොහෝ දෙනා කුඩා කල සිටම අසන දෙයක්. ලස්සන වෙන්න, සුදු සම අත්‍යවශ්‍යයි කියන අදහස, බොහෝ දෙනා ඉතා ඉහලින් විශ්වාස කරන මතයක්. බොහෝ කලක සිට කාන්තාවන්ගේ ජීවිත වලටබලපෑමක් ඇති කරන මෙම සුදු සම, කාන්තාවන්ගේ සුන්දරත්වය මනින මිම්මක් පමණක් නොව, කාන්තාවන්ගේරැකියා, උසස්වීම්, සම්බන්දතා වැනි ජීවිතයේ අනෙකුත් අංග වලටද විශාල බලපෑමක් ඇති කරයි. නමුත් මෙම “සුදුසම ලස්සනයි” යන මතය, බොහෝ දුරට ආසියානු අර්ධද්වීපයට පමණක් අදාළ වන අතර, ඉතා සුදු සමක් ඇතිබොහෝ බටහිර විදේශිකයින් තලෙළු සමට වැඩි කැමැත්තක් දක්වයි.