සංවේදී සම රැකගන්නේ කොහොමද?

THIS ARTICLE IS ALSO AVAILABLE IN

සංවේදී සම යනු, බොහෝ දෙනා ඉතාමත් අපහසුතාවයට ලක් කරන තත්වයක්. නිතරම රතු වෙන, නිතර කසන සුළු සහ නිතරම විවිධ බාහිර සහ පාරිසරික සාධක වලට ඔබේ සමත් ප්‍රතික්‍රියා කරනවා නම්, ඔබටත් ඇත්තේ සංවේදී, නැතිනම් sensitive skin එකක්.

ඔබත් ඔබේ සමේ සංවේදී බව නිසා අපහසුතාවයට ලක්වෙනවා නම්, අනිවාර්යයෙන්ම චර්ම වෛද්යවරයෙක් හමුවන්නට අමතක කරන්න එපා. විවධ අයගේ සමේ සංවේදීබව ඇතිවන්නේ විවධ හේතු නිසා. අධික රස්නය, අධික සීතල, විවිධ සබන් වර්ග, රෙදි සෝදන detergent වර්ග වැනි විවධ සාධක, ඔබේ සමේ සංවේදීබව වැඩි කරන හේතුවක් වෙන්නට පුළුවන්. වෛද්‍යවරයෙක් හමු වී හරියටම මෙම සාධකය හදුනාගැනීමෙන්, ඔබේ සම රැකබලාගැනීම පහසු වෙනවා.

ඔබේ සම, ඔබේ සිරුරේ විශාලම ඉන්ද්‍රියයි. මෙනිසා, ඔබේ සම රැක බලා ගැනීම, ඔබේ සෞඛය ට ඉතාමත් වැදගත් වෙනවා. ඔබට ඇත්තේ සංවේදී සමක් කියා ඔබ සිතනවා නම්, වෛද්‍ය උපදෙස් පිළිපදිමින්, මෙන්න මේ දේ කරන්නටත් අමතක කරන්න එපා.

1. ස්වභාවික ඇඳුම් වලට මාරු වන්න

ඔබගේ ඇඳුම් ඔබේ සමේ සෞඛය ට බලපෑමක් ඇති කරන බව ඔබ දන්නවාද? Nylon, polyester වැනි කෘතීම රෙදි වර්ග වලින් සකසන ඇඳුම් නිසා සමේ සංවේදීතාව වැඩි වෙනවා. එමෙන්ම සමට වාතාශ්‍රය නොලැබෙන සේ තදට ඇඳීමෙන් ද, සමේ සංකූලතා ඇති වීමේ ප්‍රවනතාව වැඩි වෙනවා. කපු, ලිනන් වැනි ස්වභාවික රෙදි වලින් මසන ලද, සැමට වාතාශ්‍රය ලැබෙන ලිහිල් ඇඳුම් වලින් ඔබේ සමේ සංවේදීතාවය අවම කරගන්නට පුළුවන්.

2. සමේ තෙතමනය රැක ගන්නට නිතරම moisturize කරන්න.

සංවේදී සම ඇති අයගේ සමේ මතුපිට ස්ථරය, බොහෝ විට තුනී වීමේ ප්රවණතාවයක් දක්වන අතර, මෙනිසා සම වියලීමට ලක්වෙනවා. දිනපතා ස්වභාවික, සමට මෘදු, සංවේදී සම වෙනුවෙන්ම සාදන ලද, Morison Lacto Hydra Intense Cream වැනි ආලේපනයක් භාවිතා කිරීමෙන්, සමේ වියලි බව අඩු කරගන්නට පුළුවන්.

3. ඔබේ සමේ සංවේදීබව ඇති කරන සාධක හඳුනාගන්න

සබන් වර්ග, සුවද විලවුන් වර්ග, විවිධ අයට සමේ සංවේදීබව ඇති වන්නේ විවධ හේතු වලට. ඔබේ සමේ සංවේදීබව ඇතිවන හේතුව හරියටම හඳුනා ගත්විට, ඔබේ සම ඔබට කියන දේ ඔබ අසන විට, එම හේතු වලින් වැළකී සිටීමෙන් සමේ සංවේදී බව අවම කරගන්නට පුළුවන්.

4. අධික සීතලෙන් හා උෂ්ණත්වයෙන් ආරක්ෂා වන්න.

සමේ සංවේදී බව වැඩි වීමට ප්රධාන හේතුවක් වන්නේ අධික සීතල හෝ අධික රස්නයයි. ඔබේ සම සීතලෙන් හා රස්නයෙන් ආරක්ෂා කිරීමෙන්, සමේ සංවේදී බව පාලනය කරගන්නට පුළුවන්.

බොහෝ දෙනා සමේ සංවේදී බවෙන් අපහසුතාවයට ලක් වූවද, සංවේදී බව ඇති කරන සාධක වලින් වැළකීමෙන් සහ නිතරම සම moisturize කිරීමෙන් ඔබට ඔබේ සංවේදීබව ඉතාමත් පහසුවෙන් පාලනය කරගන්නට පුළුවන්.

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

ඔබට ඇත්තේ sensitive සමක් ද කියා හරියටම දැනගන්න!

5 signs you have sensitive skin sinhala

THIS ARTICLE IS ALSO AVAILABLE IN

Sensitive සමක් කියන්නේ, ලේසියෙන් විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක එක අයට sensitive skin එක බලපාන්නේ එක එක විදිහට. නමුත්, තමන්ගේ skin type එක මොන වගේද කියලා හරියටම දැනගැනීම හැමෝටම වැදගත් – විශේෂයෙන්ම sensitive සමක් ඇති අයට. තමන්ගේ skin type එක හරියටම දැනගැනීමෙන්, අපි නොදැනුවත්ව කරන, සමට හානිදායක දේ, මගහරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, skin එකට සුදුසු නැති ආලේපන භාවිතා කිරීමෙන් සහ ඔබේ ආහාර වේලට skin එකට අහිතකර දේවල් එකතුකිරීමෙන් ඇති වන සංකූලතා, හරියටම ඔබේ skin type එක දැනගැනීමෙන් ඔබට මගහරින්නට පුළුවන්.

එත් skin එක sensitive ද කියල අපි හරියටම දැනගන්නේ කොහොමද? ඔයාගේ සමේත් මේ වගේ සංකූලතා නිතරම ඇති වෙනවා නම්, ඔබටත් හුඟක් විට ඇත්තේ sensitive skin එකක් වෙන්නට පුළුවන්.

1. සම නිතරම විවිධ දේවල් වලට ප්‍රතික්‍රියා කිරීම

Skin-reactions

විවිධ සබන් වර්ග, සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග, sanitizer ආදිය භාවිතා කරද්දී ඔබේ සම රතු වෙන්න, කසන්න, නැත්තම් වියලෙන්න බලනවා නම් ඔබේ සම sensitive වෙන්නට පුළුවන්. සමේ  සංවේදීතාවයට අනුව මෙය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපාන්නට පුළුවන්. අධික ලෙස සංවේදී සමක් ඇති නම් බොහෝ විට ඔබේ සම අධික සීතලට හෝ අධික රස්නයටත් ප්‍රතික්‍රියා කරන්නට පුළුවන්.

2. වියලි සම

Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම් , වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.

3. නිතර කසනසුළු බව

rashes

Sensitive skin ඇති නම්, බොහෝ විට විවිධ හේතු වලට ඔබේ සම කසන්නට ගන්නට පුළුවන්. සමේ ආලේපන, සබන්, රෙදි සෝදන කුඩු, වැනි විවිධ හේතු නිසා සමේ කසනසුලු රතු පැල්ලම්, වියලි පැල්ලම් හෝ පතුරු සහිත පැල්ලම් ඇති වෙනවා නම් ඔබේ සමත් sensitive වන්නට පුළුවන්. මෙවැනි සුළු අසාත්මිකතා ඇති වූ විට, ඉක්මනින්ම සම සුවපත් කල හැකි කැලමයින් සහිත ආලේපනයක් භාවිතා කරන්න. නමුත් මෙය නිතරම ඇතිවන සංකූලතාවයක් නම්, නොපමාව ඔබේ වෛද්‍යවරයාව මුණගැසෙන්න.

4. සම රතු වීම

skin-redness

අධික රස්නය, දුහුවිලි, සීතල, sanitizer භාවිතය වැනි විවධ හේතු නිසා ඔබේ සම රතු වී, කුඩා බිබිලි මතු වීම sensitive skin ඇති බවට සලකුණක්. ඔබේ සමේ මෙවැනි අසාත්කමිකතා ඇති කරන හේතු ඔබටම ආවේනික නිසා, ඒවා මගහැරීමට වගබලා ගන්න.

5. කුරුලෑ

breakouts

Sensitive skin ඇති සියලුදෙනාම කුරුලෑ වලට මුහුණපානවා. නමුත් මේ කුරුලෑ, සාමාන්‍ය කුරුලෑ වලට භාවිතා කරන බෙහෙත් වලට හොඳ වෙන්නේ නෑ. සැරව පිරි, රතු කුරුලෑ ඔබේ මුහුණේ, පිටේ වැනි ස්ථාන වල ඇති නම් ඉක්මනින්ම ඔබ සම පිලිබඳ විශේෂඥ්ය වෛද්‍යවරයෙක්ව මුණගැහෙන්න.

Sensitive skin යනු බොහෝ දෙනෙකුට බලපාන තත්වයක්. නමුත් මෙය පාලනය කල හැකි තත්වයක්. නිතරම, ඔබේ සමේ සංවේදීතාවය වැඩි කරන දේවල් වලින් වැළකී, දිනපතා ඔබේ සම සුවපත් කල හැකි, කැලමයින් සහිත, Morisons Lacto Calamine වැනි lotion එකක් භාවිතා කරන්න.

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

වැඩට යන ඔබට, ඔබත්, සමත් ආරක්ෂා කරගන්න ලේසිම ලේසි Cleansing Ritual එකක්

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

මේ දවස් වල වැඩට යන එක challenge එකක්. කොණ්ඩය උඩට කරලා බැඳලා, Mask එක දාල, Hand Sanitizer එක අමතක නොකර, අපි හැමෝම වැඩට යන්නේ බොහොම පරිස්සමට. දිනපතා වැඩට යන කොට තමන්ගේ සෞඛ්‍ය ගැන ආරක්ෂාකාරී වෙන එක ඉතාමත් වැදගත්. ඒ වගේම, ඔබේ සමේ ආරක්ෂාව ගැනත් සිතන්නට අමතක කරන්න එපා.

Mask-ne

දිනපතා පැය ගණනක් mask එක දාගෙන සිටීමේ අතුරුඵලයක් වන්නේ, mask එක නිසා සම මතුපිට ඇතිවන කුරුලෑ. නැතිනම් “Mask-ne”. Mask එක නිතරම සමේ ඇතිල්ලෙන නිසා, සහ mask එකෙන් නිතරම සම ආවරණය වී ඇති නිසා, සමේ ඇති කුඩා කුහර තුල දුහුවිලි, දහඩිය සහ කුඩා අංශු සිර වෙනවා. මේ නිසා තමයි බොහෝ දෙනෙක් මේ දවස්වල mask එක නිසා ඇතිවන කුරුලෑ තත්වයන්ට මුහුණ දෙන්නේ.

සම වියලීම

තමන්ගේ සෞඛ්‍ය ගැන ආරක්ෂා වන හැම කෙනෙක් ගාවම නොවරදවාම hand sanitizer එකක් තියෙනවා. මෙහි ඇති මද්‍යසාර සංයුක්තය, සමේ ඇති ස්වභාවික තෙල් ගතිය නැති කරන නිසා, නිතර hand sanitizer භාවිතයෙන් සම ඉතා ඉක්මනින් වියලෙනවා.

තමන්ගේ ආරක්ෂාවයි, සමේ ආරක්ෂාවයි දෙකම බලා ගන්නේ කොහොමද? මෙන්න මේ cleansing ritual එකෙන්, දවල් කාලයේ ඔබත්, සවස් කාලයේ ඔබේ සමත් ආරක්ෂා කරගන්නට පුළුවන්.

පියවර 1 : දිනපතා cleanse කරන්න

ගෙදර ගිය ගමන්, අමතක නොකර දිනපතා ඔබේ සම cleanse කරන්න. දවස පුරා mask එක නිසා ඔබේ සමේ කුහර තුල සිර වී ඇති දහදිය, දුහුවිලි ආදිය cleanser එකක් මගින් අයින් කරගන්නට පුළුවන්. දිනපතා භාවිතා කරන නිසා, රසායන ද්‍රව්‍ය අඩු, කිරි හෝ මී පැණි වැනි ස්වභාවික අන්තර්ගතයන් සහිත cleanser එකක් භාවිතා කරන්න.

සතියකට සැරයක්, mud mask එකක් හෝ sugar mask එකක් භාවිතයෙන් deep cleanse කරන්න.

පියවර 2 : moisturize කරන්න

ඔබේ සම පිරිසිදු කර, cleanse කිරීමෙන් පසුව, අනිවාර්යයෙන්ම ඔබේ සම moisturize කරන්න. රසායනික ද්‍රව්‍ය වලින් අඩු, Morison Lacto Calamine Lotion වැනි මෘදු mosturizer එකක් නම් ඉතාමත් හොදයි. Morison Lacto Calamie Lotion එක තුල ඇති calamine, mask එකෙන් සමට ඇතිවන හානි වලින් ඔබේ සම ආරක්ෂා කරන අතර, එහි ඇති witch hazel සම මතුපිට සිර වී ඇති තෙල් සහ මියගිය සමේ සෛල ඉවත් කර, බැක්ටීරියා සහ දිලීර වලින් සම ආරක්ෂා කරයි.
දවස පුරා sanitizer භාවිතා කරන නිසා, අනිවාර්යයෙන්ම ඔබේ අත් දෙකත් moisturize කරන්න අමතක කරන්න එපා.

ඔබ නින්දට යන විට සම සුවපත් කරන්නට, Morison Lacto Calamine Lotion එක night cream එකක් වශයෙනුත් භාවිතා කරන්නට පුළුවන්.

පියවර 3 : දිනපතා mask එක සෝදන්න

ඔබේ නැවත භාවිතා කර හැකි mask එක දවස පුරා තෙතමනය සිරකරගන්න නිසා, එය මත ඉතා ඉක්මනින් බැක්ටීරියා සහ දිලීර හටගන්නට පුලුවන. මේ නිසයි, ඔබ රෙදි mask එකක් භාවිතා කරනවා නම් දිනපතා එය සබන් යොදා සේදිය යුත්තේ. ඔබේ සාමාන්‍ය surgical mask එකක් භාවිතා කරනවා නම්, කවමදාවත් එය දෙවරක් භාවිතා කරන්නට එපා.

අපි හැමෝම මේ දවස් වල අප සහ අපේ ආදරණීයන් වෙනුවෙන්  ආරක්ශාකාරීවීම වැදගත්, නමුත් ඒ වෙනුවෙන් ඔබේ සමේ සෞක්‍ය කැපකරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබත් අදම මේ skin cleansing ritual එක අනුගමනය කරමින් ඔබ වගේම ඔබේ සමත් ආරක්ෂා කරගන්න.

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

COVID-19 අතරේ ඔබේ සම රැක බලාගන්නේ මෙහෙමයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

අපගේ සාමාන්‍ය ජීවිතය, COVID 19 වසංගතය නිසා බොහෝ ලෙස වෙනස් වී ඇති බව අපි හැමෝම දන්නා කරුණක්. නිතරම ගමන් බිමන් යන, මිතුරන් සමග එක් වී විනෝද වෙන අප, මේ දවස්වල හැකි තාක් නිවසටම වී සිටින්නේ, අපගේත්, අනෙක් අයගෙත් ආරක්ෂාව වෙනුවෙන්.

නිවසට වී සිටීම අපට තරමක් අපහසු වූවත්, පරිසරයේ ඇති කුණු දුහුවිලි සහ අහිතකර හිරු කිරණ වලට නිරාවරණය නොවී සිටීම අපගේ සමට නම් ඉතාමත් ම හොඳ දෙයක්. ඉතාමත් පහසුවෙන් ඔබේ සම නිරෝගී සහ පැහැපත් කරගන්නට, ගෙදර ඉන්න ගමන් මේ දේවල් කරන්න අමතක කරන්න එපා!

1. හැකි තාක් වතුර බොන්න

Drinking Water

ගෙදර ඉන්න ගමන් අපට කරන්න අමතකම වෙන දෙයක් තමයි වතුර බීම. දිනපතා අවම වශයෙන් වතුර ලීටර් 1.5ක් වත් පානය කිරීම, ඔබේ සමට අත්‍යාවශ්‍යයි. වතුර බොන්න අමතක වෙන එක වලක්වන්න, වතුර බෝතලයක් හෝ alarm එකක් තියාගන්න.

2. ගෙදර ඉන්න ගමන් make - up භාවිතය අවම කරන්න

No-Makeup

ගෙදර ඉන්න ගමන් සහ නිවසින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සදහා එලියට යන විටත්, make – up භාවිතය අවම කරන්න. සම මත ඇති ආලේපන අවම කිරීමෙන් ඔබේ සම ස්වාභාවිකවම නිරෝගී වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත්, COVID 19 න් ආරක්ෂා වීමට සම මත ඇති ආලේපන අවම කිරීම නිර්දේශ කරනවා

3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ආහාරයට ගන්න අතර ව්‍යායාම කරන්න අමතක කරන්න එපා

Exercise

නිරෝගී දිදුලන සමකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම අත්‍යාවශ්‍යයි!

4. දිනපතා moisturize කරන්න

අධික සීතල, අධික රස්නය, fan එක හෝ A/C එකට නිතරම සම නිරාවරණය වීම වැනි හේතූන් නිසා ඔබේ සම ඉතා ඉක්මනින් වියලෙන්නට පුළුවන්. ඔබේ සමත් වියලෙන සුළු නම් කැලමයින් සහ witch hazel සහිත moisturizer එකක් දිනපතා භාවිතා කරන්න

5. කෑම ඉවීමෙන් පසු මුහුණ සෝදන්න

පිටතින් ඇති කුණු දුහුවිලි වලින් ඔබේ සම ආරක්ෂා වූවත්, නිවසේදී ඔබේ සම අපිරිසිදු වීමට ලොකුම හේතුව වන්නේ ඉවීමෙදී ඔබේ සම මතුපිට තැන්පත් වෙන තෙල් සහ වාෂ්පයි. දිනපතා ඉවීමෙන් පසු ඔබේ සම මෘදු face wash එකකින් පිරිසිදු කිරීමට අමතක කරන්න එපා.

6. ඔබේ face mask එක ඔබේ සමට ගැලපෙනවාද?

Face Mask

Face mask එක මේ දිනවල අත්‍යාවශ්‍ය දෙයක් වූවත්, විවිධ ආකාරයෙන් සකසන ලද face masks ඔබේ සමට විවිධ ලෙස ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. මෙනිසා ඔබේ face mask එක ඔබේ සමට ගැලපෙනවාදැයි නිරීක්ෂණය කරන්න.

නිවසේ සිටීමෙන් ඔබේ සම ස්වාභාවිකවම නිරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම ඉතාමත්ම ලේසියි. නමුත් ඔබේ සමට අවශ්‍ය මූලික රැකවරණය ලබා දීමට අමතක කරන්න එපා

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

රස්නේ දිනවල සමේ කැසීමක් ඇතිවන්නේ මේ නිසයි

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු කියන්නේ තරමක් රස්නය වැඩි මාස දෙකක්. මේ වියලි, රස්නේ මාසයේ එදිනෙදා වැඩ කරගනීම තරමක් අපහසුයි. මෙයටත් වඩා, රස්නේ දිනවල සමේ ඇතිවන පීඩාකාරී කැසිල්ල, සියල්ලටම වඩා දරාගැනීමට අමාරුයි.

අධික රස්නේ සහ වියලි මාස වලදී සමේ කැසිල්ලක් ඇති වෙන්නේ ඇයි?

1. ඌෂ්ණ බිබිලි

රස්නය වැඩි දවස්වල අපගේ සම සිසිල් කිරීමට, අපට වැඩි වශයෙන් දහදිය දමනවා. මෙම දහදිය නිපදවන සමේ ඇති කුඩා  දහදිය ග්‍රන්ථි, අධික ලෙස දහදිය දැමීම නිසා අවහිර වීමෙන්, සම මතුපිට ඌෂ්ණ බිබිලි ඇති වෙනවා. මෙය බොහෝ විට ඇති වෙන්නේ, දණහිස, බෙල්ල අවට, වැලමිට වැනි සම නැවෙන ස්ථාන වලයි. බොහෝ දෙනා මුහුණදෙන ඉතා පොදු තත්වයක් වන ඌෂ්ණ බිබිලි, දින කිහිපයකින් නැති වී යන අතර එයට සාමාන්‍යයෙන් කිසිම ප්‍රතිකාරයක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත්, ඌෂ්ණ බිබිලි ඔබව අපහසුතාවයට පත්කරනවා නම්, කැලමයින් සහිත ලෝෂන් එකක් භාවිතයෙන් ඔබගේ සම සුවපත් කර සමට සිසිලක් ලබාදෙයි.

2. හිරු එලිය නිසා ඇතිවෙන ආසාත්මිකතා

ඔබගේ සම, හිරු එලියට නිරාවරණය වූ විට රතු පාට බිබිලි ඇති වෙනවාද? මෙය, හිරු එලියට ඇති අසාත්මිකතාවයක්, නැති නම් allergy එකක් විය හැකියි. ඔබත් මෙවැනි තත්වයන්ට මුහුණ දෙනවානම් ඔබ අනිවාර්යයෙන්ම චර්ම රෝග විශේෂඥයයෙක් හමු විය යුතුයි. නමුත්, හිරු එළියෙන් ඔබේ සම ආරක්ෂා කරන්නට sun lotion එකක් අනිවාර්යයෙන් ම භාවිතා කරන්න. කැලමයින් සහිත Lacto Calamine වැනි lotion එකක්ද, ඔබගේ සම සුවපත් කිරීමට සහ දිනපතා භාවිතයට සුදුසුයි.

3. වායුසමීකරණය

අධික ලෙස රස්නය ඇති දිනවල අප AC එක යට සිටීමට කෙතරම් කැමති වූවත්, මෙනිසා ඔබගේ සම අධික ලෙස වියලෙන බව ඔබ දන්නවාද? සමේ වියලි බව වැඩි වීමද කැසීම ඇති වීමට හේතුවක් වෙනවා. ඔබත් දිනපතා වායුසමීකරණය කරන ලද කාමරයක සිටිනවා නම්, ඇති තරම් වතුර බීමට අමතක කරන්න එපා. සමේ තෙතමනය රැක ගැනීමට, පැය දෙකකට සැරයක් වත් moisturizer එකක් ආලේප කිරීමත් ඉතා වැදගත්.

ඔබේ සම, මේ රස්නේ දිනවල කැසීමක්  ඇතිවන විට, හැකිතාක් කසන්නේ නැතිව සිටීමට උත්සාහ කරන්න. අධික ලෙස කැසීමෙන් ඔබගේ සම තුවාල වී දුර්වර්ණ වීමට පුළුවන්. ඔබගේ සම, මේ දිනවල ආරක්ෂා කර සුවපත් කිරීමට අනිවාර්යයෙන් කැලමයින් සහිත, Lacto Calamine වැනි ලෝෂන් එකක් ඔබ ලග තබාගන්නට අමතක කරන්න එපා

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

වායු දූෂණය නිසා ඔබේ සමට සිදුවන හානි වලින් ආරක්ෂා වෙමු

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

වායු දූෂණය කියන්නේ, මේ දවස් වල අපි හැමෝම කතාබහ කරන මාතෘකාවක්. මෑතකදී කොළඹ නගරයම මීදුම වැනි දුමකින් වැසුනා ඔබට මතක ඇති. Smog – නැති නම් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කොළඹට ආවා යයි කියන මෙම දූෂණය වුනු වායු පටලය වැනි දිනපතා විවිධ වායු දූෂණයට අදාළ ප්‍රවෘත්ති අපට අසන්නට ලැබෙනවා.

වාහන වලින් පිටවන දුම, අවිධිමත් කසල බැහැකිරීම සහ කර්මාන්තශාලා වලින් පිට කරන කසල සහ දුම් වැනි විවිධ හේතූන් නිසා සිදුවන වායු දූෂණය, අද ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. වායු දූෂණය නිසා අපගේ සෞඛ්‍ය ට සිදුවන අහිතකර බලපෑම් ගැන අපි යම් තාක් දුරට දැනුවත්ව සිටියත්, එමගින් අපගේ සමට සිදුවන අහිතකර බලපෑම් ගැන අපගේ දැනුවත්කම තරමක් අඩුයි.

වායු දූෂණය අපගේ සමට බලපාන්නේ කොහොමද?

1. සම වයසට යෑම

ශ්‍රී ලංකාව, සමකයට නුදුරින් ඇති රටක් නිසා අපගේ සම අකාලයේ වයසට යෑමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි. මෙයට අමතරව, වාහන වලින් සිදුවන වායු දූෂණය අධික නගරවල, අකාලයේ සම වයසට යාම සහ කම්මුල් සහ නළල් පෙදෙස් අකාලයේ අවපැහැ ගැන්වීම 20% කින් වැඩි බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම, තෙල් බැදීම වැනි ක්‍රියාකාරම් නිසා ඇතුලත සිදුවන වායු දූෂණය නිසා සමේ ලප කැළැල් වැඩි වන බවද, පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

2. දද වැනි සමේ අසාත්මිකතා

දද යනු සාමාන්‍යයෙන් ජානමය තත්වයක් වූවද, වායු දූෂණය වැඩි ප්‍රදේශවල අයට ජානමය තත්වයක් නැතුවද දද වැනි සමේ අසාත්මිකතා හටගත හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙයට බොහෝ විට මුහුණදෙන්නේ බිලිඳුන් සහ කුඩා දරුවන්. දද වැනි සමේ අසාත්මිකතා උදාසීන තත්වයක ඇති අයගේ ද, මෙම තත්වයන් සක්‍රීය වීමට වායු දූෂණය හේතුවක් ලෙස දැක්වෙනවා.

3. සම මත පලු දැමීම

විවිධාකාර අසාත්මිකතා නිසා අප සැමෝම, ජීවිතයේ එක් වතාවක් හෝ සම මත පලු දැමීම නිසා අපහසුතාවයට පත්වෙලා ඇති. නමුත්, හේතුවක් නොමැතිව පලු දැමීම, බොහෝ විට සිදුවන්නේ වායු දූෂණය නිසා බව, කැනඩාවේ කරන ලබා පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත.

4. කුරුලෑ

නිරෝගී නිකැළැල් සම ඇති අයට වූවද, වායු දූෂණය නිසා කුරුලෑ ලප කැළැල් ඇති වේ. සම මතුපිට තැන්පත් වෙන දුහුවිලි, සමේ කුඩා විවරයන් අවහිර කරන අතර, මෙනිසා ඇතිවන කුරුලෑ නිසා දීර්ග කාලීනව සම අවපැහැගැන්වීම, ලප කැළැල් වැනි තත්වයන් ද ඇති විය හැක

වායු දූෂණයෙන් අපගේ සම ආරක්ෂා කරගන්නේ කෙසේද?

1. නිතරම සම මතුපිට ආලේපනයක් භාවිතා කරන්න

සමේ තෙතමනය රකිමින් සම පෝෂණය කල හැකි ලෝෂන් එකක් හෝ මොයිස්චරයිසර් එකක් දිනපතා එළිමහනට යාමට පෙර භාවිතා කරන්න. මෙය ඔබගේ සම පිටත පරිසරයෙන් ආරක්ෂා කරන ස්තරයක් වන අතර දිනපතා පරිසරයේ ඇති කුණු දුහුවිලි වලින් ඔබේ සම ආරක්ෂා කරයි

2. දිනපතා මෘදු ක්ලෙන්සරයක් භාවිතා කරන්න

දිනපතා ඔබේ සම මතුපිට රැදෙන කුණු දුහුවිලි ඉවත්කිරීමට, දිනපතා මෘදු ක්ලෙන්සරයක් භාවිතා කරන්න. මෙමගින් සම ඇතුලත රැදී ඇති දුහුවිලි ඉවත්කරන අතර, මියගිය සමේ සෛලද ඉවත් කරයි.

3. සම සුවපත් කරන, කැලමයින් සහිත ලෝෂන් එකක් දිනපතා භාවිතා කරන්න

කැලමයින් යනු, සම සුවපත්කරන, සමේ පිළිස්සීම් නැති කරන සහ කුරුලෑ නැතිකරන ගුණාංග ගොහොමයක් ඇති අන්තර්ගතයකි. ලැක්ටෝ කැලමයින් ලෝෂන් එක තුල, මේ සමගම, සමේ ඇති කුඩා තුවාල සල කැළැල් සුව කල හැකි විච් හේසල් ද අන්තර්ගතව ඇත.

වායු දූෂණය නිසා සැමට ඇතිවන හානි සහ එයින් ආරක්ෂා වෙන ආකාරය ගැන දැනුවත්වීම ඉතාමත්ම වැදගත් වන අතර, ඔබගේ සමේ දීර්ගකාලීන ආරක්ෂාවටද බලපාන බව අමතක කරන්න එපා.

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

අත් – පා – මුඛ රෝගය (Hand – Foot and Mouth Disease) කියන්නේ මොකක්ද?

Dealing-with-Hand-–-Foot-and-Mouth-Disease-Sinhala

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

කුඩා දරුවන් අතර ශ්‍රී ලංකාවේ මේ දවස්වල බහුලව පැතිරී යන රෝගයකි මේ අත් – පා – මුඛ රෝගය. නැතිනම් Hand – Foot and Mouth Disease. බොහෝ විට ළඳරුවන් හට සහ කුඩා දරුවන්ට වැළදෙන මෙම රෝගය, අත් – පා – මුඛ රෝගය ලෙස හදුන්වන්නේ, අත් , පා සහ මුඛය තුල ඇති වන කුඩා අවර්ණ බිබිලි මෙම රෝගයේ මූලික ලක්ෂණයක් වන නිසායි.

මොකක්ද මේ අත් - පා - මුඛ රෝගය?

මෙය සාමාන්‍ය වශයෙන් බෝවන සුළු වෛරසයක් වන අතර , පැතිරී යන්නේ කුඩා දරුවන්ගේ සෙම, කෙල සහ සමෙන් පිටවන ද්රාවනයන් ගෙනි. මුලදී මද උණ ගතියකින් ආරම්භ වන මෙම ආසාදනය නිසා, කම්මුල් තුල, විදුරුමස් මත, අත්ල මත, ඇඟිලි වල සහ යටි පතුලේ කුඩා අවර්ණ බිබිලි ද ඇති වේ. මෙම බිබිලි නිසා බොහෝ විට වේදනා තත්වයක් ද ඇති වේ. දින 7 – 10 ක් තුල මෙම රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් පහව යයි.

අත් - පා - මුඛ රෝගය ඇති දරුවෙකු රැක බලා ගන්නේ කොහොමද?

ඔබගේ දරුවාට අත් – පා – මුඛ රෝගය වැළදී ඇති බවට ඔබට සැක සහිතයි නම්, අනිවාර්යයෙන්ම ඔබගේ දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. මෙයට අවශ්‍ය ප්‍රතිකාරය , දරුවාගේ රෝග ලක්ෂණ අනුව ලබා දෙන නිසා වෛද්‍ය උපදෙස් අනිවාර්ය වේ. සම මත ඇතිවන බිබිලි තත්වය සහ එනිසා ඇතිවන වේදනාව සමනය කිරීමට , වෛද්‍යවරුන් අනුමත කරන්නේ සමට මෘදු, සිසිලස දෙන , කැලමයින් සහ විච් හේසල් සහිත (Lacto Calamine වැනි) ලෝෂන් වර්ගයකි. මෙම බිබිලි නිසා ඇති වන ලප කැළැල් අවම කිරීමටද මෙවැනි ලෝෂන් වර්ගයක් උපකාරී වෙයි.

අත් - පා - මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කරන්නේ කොහොමද?

මෙය වෛරසයක් නිසා, අත් – පා – මුඛ රෝගයෙන් ඔබගේ දරුවා ආරක්ෂා කිරීමේ පළමු පියවර වන්නේ නිසි ලෙස සනීපාරක්ෂාවට මුල් තැන දීමයි. පොදු ස්ථාන සහ පොදු වැසිකිලි භාවිතා කිරීමෙන් පසු, දරුවන් සහ වැඩිහිටියන් අනිවාර්යයෙන්ම අත සේදිය යුතු අතර, ඔබේ දරුවාට අත් – පා – මුඛ රෝගය ඇතැයි සැක සහිත නම් පෙරපාසැල්/පාසැල්/දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත යැවීමෙන් වළකින්න.
සාමාන්‍යයෙන් එක වරක් අත් – පා – මුඛ රෝගය වැළඳීමෙන් පසුව නැවත ආසාදනය වීමේ හැකියාව බෝ අඩුයි. නමුත්, මෙය වැලඳීම දරුවාට ඉතා අපහසු අත්දැකීමක් වන අතර, මෙම රෝගය වලක්වාගැනීමට නිතරම සනීපාරක්ශාවට මුල් තැන දීමට අමතක කරන්න එපා.

Written by Shana

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පහසු ක්‍රම 5ක්

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

හිරු මුදුන් වී ඇති මේ දවස්වල, ඔබේ සම අහිතකර හිරු කිරන වලින් ආරක්ෂා කරගැනීම ඉතාමත්ම වැදගත්. මාර්තු මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙලෙස ඉර මුදුන් වීම නිසා, හිරු රශ්මියෙන් සමට ඇතිවෙන හානිය ඉතාමත්ම බරපතලයි. අහිතකර UVA සහ UVB කිරණ වලින්, මේ දින වල ඔබේ සම ආරක්ෂා කරගන්න පහසු ක්‍රම 5ක් මෙන්න!

1. පොල් තෙල්

විටමින් E වල යහගුණයෙන් පිරිපුන් පොල් තෙල් වලට, ඔබේ සම ඇතුලින් පෝෂණය කරන අතරම ඔබේ සම අහිතකර කිරු කිරණ වලින් ස්වභාවිකව ආරක්ෂා කරන්න පුළුවන්. දිනපතා පිරිසිදු පොල් තෙල් තේ හැඳි භාගයක් ඔබේ සමේ මතුපිට සහ මුහුණේ ආලේප කරන්න. මෙය, අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන ස්වභාවික පටලයක් ලෙස ක්‍රියාකරයි. නමුත්, මෙය භාවිතා කල යුත්තේ ඔබට සාමාන්‍ය හෝ වියලි සමක් ඇති නම් පමණයි. තෙල් සහිත සමක් ඇති නම් සමහර විට පොල් තෙල් භාවිතයෙන් කුරුලෑ ඇති වෙන්න පුළුවන්. එමෙන්ම ඔබ බොහෝ වෙලාවක් ඉර අව්වේ සිටිනවා නම් පොල් තෙල් වලින් ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්.

2. ඔබගේ දිනපතා make-up එකට හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්න පුළුවන් moisturizer එකක් එකතු කරන්න.

දිනපතා ඉතාමත් පරිස්සමෙන්, නොවරදවා ආලේප කරන make-up එකට ඔබව හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන් නම්? ඔබේ දිනපතා make-up එකට Lacto Lotion එකතු කිරීමෙන්, ඔබේ make-up එක ඔබව හිරු කිරණින් ආරක්ෂා කරයි! Lacto Lotion තුල අන්තර්ගත Zinc Oxide වලට ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න පුළුවන්. Lotion එකක් වශයෙන්, සම්පූර්ණ ආරක්ෂාවත් සමගම, Lacto Lotion එක ඔබේ සම ඇතුලතින් පෝෂණය කරමින්, කුරුලෑ ලප කැළැල් ඔබේ සමින් ඉවත් කරයි.

3. අව් කන්නාඩි භාවිතා කරන්න

ආලේපනයක් භාවිතයෙන් ආරක්ෂා කල නොහැකි අංගයකි ඔබගේ ඇස් දෙක. දිනපතා අව්වේ යන විට නොවරදවා අව් කන්නාඩි භාවිතා කරන්න. මෙමගින්, අහිතකර හිරු කිරන වලින් ඔබේ සම ආරක්ෂා කරන අතරම, දීර්ග කාලීනව ඔබගේ පෙනීම ද ආරක්ෂා කරයි.

4. ඔබගේ සම ආවරණය කරන්න

හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කිරීමට පහසුම ක්‍රමය වන්නේ ඔබේ සම ආවරණය කිරීමයි. ඉර අව්වේ එලියට යනවිට ඔබගේ සමේ සංවේදී ප්‍රදේශ (බෙල්ල පිටුපස, උරහිස, අත් යනාදිය) ශෝල් එකක් හෝ කුඩයක් භාවිතයෙන් ආවරණය කරන්න.

5. Moisturize කරන්න

අධික රස්නය සහ අහිතකර හිරු කිරණ ඔබගේ සම ඇතුලතින් වියලි කරයි. මෙනිසා, අධික ලෙස රස්නය සහ හිරු කිරණ ඇති දින වල පැයකට වතාවක් වත් ඔබේ සම moisturize කිරීම අනිවාර්යයි. ඔබගේ Moisturizer එක තුල මෙම ද්‍රව්‍ය ඇතුලත් වී ඇත්දැයි බලන්න. Witch hazel, ඔබේ සම ඇතුලතින් ආරක්ෂා කර පෝෂණය කරන අන්තර්ගතයක් වන අතර, Calamine වල ඇති Zinc Oxide සම අහිතකර හිරු කිරණින් ආරක්ෂා කරමින් හිරු රශ්මියෙන් හානි වී ඇති ඔබේ සම සුව කරයි. මේ සියල්ලම අන්තර්ගත වන Lacto Calamine, ඔබේ සමට පරිපූර්ණ ආරක්ෂාවක් ලබා දෙයි.

අහිතකර හිරු කිරණින් ඔබේ සම සම්පූර්ණයෙන් ආරක්ෂා කරන්න කල හැකි දේ බොහොම පහසුයි. ඔබත් අදම ඔබේ සම හිරු කිරණින් ආරක්ෂා කරන්න. සුන්දර, නීරෝගී සමක් ලබාගන්න.

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

Pimples සහ Blackheads වලින් නිදහස් වෙන්න – දිනපතා මෙන්න මේ පියවර 3 අනුගමනය කරන්න!

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

සියලු කාන්තාවන් එක සේ පිළිකුල් කරන දෙයක් ඇතිනම්, ඒ pimples සහ blackheads වේ. ඔබ සියලුදෙනාම අකමැති මේ pimples සහ blackheads ඇති වන්නේ ඇයි කියා ඔබ දන්නවාද?

Pimples සහ blackheads යනු සමෙහි ඇතිවෙන කුරුලෑ වර්ග වේ. Pimple එකක් යනු, සම තුලින් පැසවී ඇති කුරුලෑවකි. සාමාන්‍යයෙන්, pimple එකක් රතු හෝ සුදු පැහැයට හුරු වන අතර, එතුල බොහෝ විට සුදු පැහැති සැරව වැනි ද්‍රව්‍යයක් දකින්නට ඇත.

Blackheads, බොහෝ විට නොපෙනෙන සුළු අතර, එය සම මත ඇති කුඩා කළු කුරුලෑවක් ලෙස හැදින්විය හැක.

Pimples ඇති වෙන්නේ, සමේ ඇති සියුම් විවරයන් තුල, තෙල් සහ මියගිය සෛල, ඇතුලතින් සිර වූ විටය. මෙලෙස සිර වූ විවරයන් තුලට සමේ තෛල ග්‍රන්ථි තුලින් සමට අවශ්‍ය තෛල නිදහස් කරන අතර, මෙනිසා මෙම විවරයන් බිදී එතුලට සුදු රුධිරානු එකතු වේ. මෙලෙස එකතු වූ සුදු රුධිරානු, සුදු පැහැති සැරව වැනි ද්‍රව්‍යයක් ලෙස pimple එක තුල දැක ගත හැක.

Blackheads ඇති වන්නේ, සමේ සියුම් විවරයන්, මතුපිටින් සිර වූ විටය. මෙලෙස සිර වූ විවරයන්, කාලයත් සමග අවපැහැ ගැන්වෙන අතර, සම මතුපිට blackheads ලෙස දැකගත හැක.

Pimples සහ blackheads යන දෙකම, දිනපතා ඉතාමත් පහසු පියවර තුනක් අනුගමනය කරමින්, ඔබේ ජීවිතයෙන් අයින් කරගත හැක.

1. Cleanse කිරීම

දිනපතා, මෘදු cleanser එකක් භාවිතා කරන්න. Cleanse කිරීමෙන්, ඔබේ සමේ සියුම් විවරයන් තුල ඇති තෙල් සහ අනෙක් අපවිත්‍රතා අයින් වන අතර, ඔබේ සම දිනපතා හොඳින් පිරිසිදු වේ. Pimples සහ blackheads යන දෙකටම, සොයාගැනීමට පහසු සහ ස්වභාවික මී පැණි cleanser එක ඉතාමත් සුදුසුයි. මී පැණි තේ හැන්දක්, ඔබේ මුහුණේ ආලේප කර, මෘදුව massage කරන්න. ඉන්පසු, යන්තම් උණු වතුරෙන් සෝදා හරින්න.

2. Toner එකක් භාවිතා කිරීම

Cleanse කිරීමෙන් විවෘත වූ සමේ ඇති කුඩා විවරයන්, සම්පූර්ණයෙන් වසා දමා, සම මත ඉතිරිව ඇති අපවිත්‍රතා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට toner එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. නිවසේම සාදාගත හැකි පිපිඤ්ඤා toner එක මෙයට ඉතාමත් සුදුසුයි. පිපිඤ්ඤා ගෙඩියක් සම්පූර්ණයෙන් ග්‍ර්ටේ කර, එහි ඉස්ම මිරිකා ඔබගේ මුහුණේ උඩු අතට ආලේප කරන්න. මිනිත්තු 5කට පසු සෝදා සීතල වතුරින් හරින්න. මෙම පිපිඤ්ඤා යුෂ, දින දෙකක් දක්වා ශීතකරණයේ තබා භාවිතා කල හැක.

3. Moisturize කිරීම

ඔබගේ දවස ආරම්භ කිරීමට, නිවසින් පිටතට යාමට පෙර, සමේ සුමුදු බව ආරක්ෂා කරමින් අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරන moisturizer එකක් භාවිතා කිරීම ඉතාමත් වැදගත්. තෙල් සහිත සමට, Lacto Calamine Lotion එක සුදුසු වන අතර, වියලි සමට Lacto Calamine Cream එක සුදුසු වේ. මෙතුල ඇති witch hazel මගින්, සම ඇතුලතින් පෝෂණය කරන අතර, calamine සම මතුපිට ඇති කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කරමින්, අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

මෙම, ඉතාමත් පහසු පියවර තුනින්, ඔබේ සමේ ඇති pimples සහ blackheads, ඉතාමත් පහසුවෙන් ඉවත්කරගත් හැක. දිනපතා, cleanse, tone සහ moisturize යන පියවර තුන අනුගමනය කිරීමට අමතක කරන්න එපා!

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn

ඔබගේ සමේ ඇති කැළැල් නැතිකරගැනීමට පහසු ක්‍රම 5ක් !

THIS ARTICLE IS ALSO AVAILABLE IN ENGLISH

සමේ කැළැල් ඇති වීම, බොහෝ කාන්තාවන්ට ඉතා විශාල හිසරදයක්. සමේ ඇති අවපැහැ ගැන්වුණු ප්‍රදේශ නිසා ඔබත් බොහෝ අවස්ථාවල අපහසුතාවයට පත්වෙන්නට ඇති. මෙවැනි කරදරකාරී කැළැල් සුව කිරීමට පෙර, කැළලක් යනු කුමක්ද යන්න දැනගැනීම ඉතා වැදගත්.

ඔබගේ සමේ ඇති අවපැහැ වූ ස්ථාන, කුරුලෑ වලින් ඇති වන කැළැල් සහ ඕනෑම අසාමාන්‍ය අවපැහැගැන්වීමක් කැළැල් ලෙස හදුන්වන්නට පුළුවන්. මෙම කැළැල්, ඔබගේ සිරුරේ ඕනෑම ස්ථානයක ඇති වන්නට පුළුවන්. මෙලෙස සම අවපැහැගැනීමට හේතු බොහොමයක් තිබුනද, සුලබම හේතුව වන්නේ කුරුලෑ ඇති වීමයි. කුරුලෑ යනු, සමේ ඇති කුඩා සිදුරු දහදිය, දුහුවිලි සහ තෙල් වලින් සිර වීම නිසා ඇති වන කුඩා බිබිලි වේ. මෙම බිබිලි, blackheads, whiteheads හෝ සාමාන්‍ය pimples ආකාරයෙන් ඇති වන අතර, මෙනිසා ඇතිවන කැළැල් ඉතා සුලභ වේ.

දද, කුෂ්ට සහ පැපොල වැනි රෝගී තත්වයන් නිසාද සමේ කැළැල් ඇති වීමට පුළුවන්. අධික ලෙස හිරු එලියට නිරාවරණය වීම නිසා සමේ මෙලනින් ප්‍රමාණය වැඩි වීමෙන් “hyper pigmentation” වැනි තත්වයන් ඇති වීමද, මෙලෙස සමේ කැළැල් ඇති වීමට හේතුවක් වෙනවා.

සමේ ඇති කැළැල් නැතිකරගැනීමට ඔබ දෙආකාරයකින් කටයුතු කල යුතු වෙනවා.පළමුව, ඔබගේ සමේ කැළැල් ඇතිවීමට හේතුව සොයාගෙන, එයට අදාළ ප්‍රතිකාර ගැනීම ඉතාමත්ම වැදගත්. දද වැනි සමේ ආසාදන වලට අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු මුණගැසිය යුතු අතර, කුරුලෑ ඇතිවීමට හේතුව (ආහාර, දුවිල්ල, හිස්හොරි ආදිය) සොයාගෙන එයට අදාළ ලෙස ඔබගේ පුරුදු වෙනස් කරගැනීම කැළැල් වලින් තොර සමක් ලබාගැනීමේ පළමු පියවරයි!

දෙවෙනුව, ඔබේ සමේ දැනට ඇති කැළැල් නැති කරගැනීමට, පහත සදහන් ඉතාමත්ම පහසු ක්‍රම 5න් ඔබට පුළුවන්!

1. කැලමයින්

කැලමයින් යනු ස්වභාවිකවම සමේ කැළැල් සුව කිරීමේ හැකියාව ඇති ආලේපනයකි. ලැක්ටෝ කැලමයින් ලෝෂන් එකේඅන්තර්ගතව ඇති කැලමයින් සහ විච් හේසල් සංයුතිය, ඔබගේ සමේ ඇති කැළැල් සුවකර සම පැහැපත් කරයි.

2. බේකින් සෝඩා

බේකින් සෝඩා වලට ස්වාභාවිකවම සමේ ඇති pH අගය මතුලිත කරන්නට පුළුවන්. එමෙන්ම, සම මතුපිට ඇති මියගිය සෛල ඉවත්කිරීමේ හැකියාවද මෙයට තියෙනවා. බේකින් සෝඩා තේ හැන්දක්, වතුර බින්දු කිහිපයක් සමග මිශ්‍ර කර, ඔබගේ කැළැල් මතුපිට ආලේප කර, මිනිත්තු 5-10 ක් තබන්න. ඉන් පසු සීතල වතුරින් සෝදා හරින්න. දිනපතා භාවිතයෙන් ඔබේ සමේ ඇති කැළැල් ඉවත් කිරීමට පුළුවන්.

3. බිත්තර සුදු මදය

බිත්තර සුදු මදය තුල ඇති ස්වභාවික එන්සයිම වලට කැළැල් සුව කිරීමේ හැකියාව ඇති අතර, සතියට දෙවරක් බිත්තර සුදු මදය face mask එකක් ලෙස භාවිතා කරමින් ඔබගේ කැළැල් ඉතා ඉක්මනින් නැති කරගැනීමට පුළුවන්.

4. මී පැණි

දිනපතා, සමේ ඇති කැළැල් මත මී පැණි බිඳක් ආලේප කර, මිනිත්තු 10කට පසු පිරිසිදු වතුරෙන් සෝදා කරින්න. මී පැණි වල ඇති ස්වභාවික පෝෂක, සමේ ඇති මියගිය සෛල ඉවත් කර, සමේ පැහැපත් බව වැඩි කරන අතර, ස්වභාවික moisturizer එකක් වශයෙන් ද ක්‍රියා කරයි.

5. දන්තාලේප

දන්තාලේප වලට සමේ ඇති තෙල් උරාගත හැකි අතර, එහි ඇති පෙපර්මින්ට් වලට සමේ ඇති කැළැල් සුව කිරීමේහැකියාව ඇත.

කැළැල් යනු, කිසියම් හෝ හේතුවක් නිසා ඇති වන තත්වයකි. කැළැල් වලට ප්‍රතිකාර කිරීමට පෙර, එය ඇති වූ හේතුවසොයාගැනීම ඉතාමත් ම වැදගත්!

Share

Share on facebook
Facebook
Share on google
Google+
Share on twitter
Twitter
Share on linkedin
LinkedIn