සංවේදී සම රැකගන්නේ කොහොමද?
සංවේදී සම යනු, බොහෝ දෙනා ඉතාමත් අපහසුතාවයට ලක් කරන තත්වයක්. නිතරම රතු වෙන, නිතර කසන සුළු සහ නිතරම විවිධ බාහිර සහ පාරිසරික සාධක වලට ඔබේ සමත් ප්‍රතික්‍රියා කරනවා නම්, ඔබටත් ඇත්තේ සංවේදී, නැතිනම් sensitive skin එකක්.
ඔබට ඇත්තේ sensitive සමක් ද කියා හරියටම දැනගන්න!
Sensitive සමක් කියන්නේ, ලේසියෙන් විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක එක අයට sensitive skin එක බලපාන්නේ එක එක විදිහට. නමුත්, තමන්ගේ skin type එක මොන වගේද කියලා හරියටම දැනගැනීම හැමෝටම වැදගත් – විශේෂයෙන්ම sensitive සමක් ඇති අයට. තමන්ගේ skin type එක හරියටම දැනගැනීමෙන්, අපි නොදැනුවත්ව කරන, සමට හානිදායක දේ, මගහරින්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, skin එකට සුදුසු නැති ආලේපන භාවිතා කිරීමෙන් සහ ඔබේ ආහාර වේලට skin එකට අහිතකර දේවල් එකතුකිරීමෙන් ඇති වන සංකූලතා, හරියටම ඔබේ skin type එක දැනගැනීමෙන් ඔබට මගහරින්නට පුළුවන්.
වැඩට යන ඔබට, ඔබත්, සමත් ආරක්ෂා කරගන්න ලේසිම ලේසි Cleansing Ritual එකක්
මේ දවස් වල වැඩට යන එක challenge එකක්. කොණ්ඩය උඩට කරලා බැඳලා, Mask එක දාල, Hand Sanitizer එක අමතක නොකර, අපි හැමෝම වැඩට යන්නේ බොහොම පරිස්සමට. දිනපතා වැඩට යන කොට තමන්ගේ සෞඛ්‍ය ගැන ආරක්ෂාකාරී වෙන එක ඉතාමත් වැදගත්. ඒ වගේම, ඔබේ සමේ ආරක්ෂාව ගැනත් සිතන්නට අමතක කරන්න එපා.
COVID-19 අතරේ ඔබේ සම රැක බලාගන්නේ මෙහෙමයි
අපගේ සාමාන්‍ය ජීවිතය, COVID 19 වසංගතය නිසා බොහෝ ලෙස වෙනස් වී ඇති බව අපි හැමෝම දන්නා කරුණක්. නිතරම ගමන් බිමන් යන, මිතුරන් සමග එක් වී විනෝද වෙන අප, මේ දවස්වල හැකි තාක් නිවසටම වී සිටින්නේ, අපගේත්, අනෙක් අයගෙත් ආරක්ෂාව වෙනුවෙන්.
නිවසට වී සිටීම අපට තරමක් අපහසු වූවත්, පරිසරයේ ඇති කුණු දුහුවිලි සහ අහිතකර හිරු කිරණ වලට නිරාවරණය නොවී සිටීම අපගේ සමට නම් ඉතාමත් ම හොඳ දෙයක්. ඉතාමත් පහසුවෙන් ඔබේ සම නිරෝගී සහ පැහැපත් කරගන්නට, ගෙදර ඉන්න ගමන් මේ දේවල් කරන්න අමතක කරන්න එපා!
රස්නේ දිනවල සමේ කැසීමක් ඇතිවන්නේ මේ නිසයි
සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු කියන්නේ තරමක් රස්නය වැඩි මාස දෙකක්. මේ වියලි, රස්නේ මාසවල එදිනෙදා වැඩ කරගනීම තරමක් අපහසුයි. මෙයටත් වඩා, රස්නේ දිනවල සමේ ඇතිවන පීඩාකාරී කැසිල්ල, සියල්ලටම වඩා දරාගැනීමට අමාරුයි.
වායු දූෂණය නිසා ඔබේ සමට සිදුවන හානි වලින් ආරක්ෂා වෙමු
වායු දූෂණය කියන්නේ, මේ දවස් වල අපි හැමෝම කතාබහ කරන මාතෘකාවක්. මෑතකදී කොළඹ නගරයම මීදුම වැනි දුමකින් වැසුනා ඔබට මතක ඇති. Smog – නැති නම් ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට කොළඹට ආවා යයි කියන මෙම දූෂණය වුනු වායු පටලය වැනි දිනපතා විවිධ වායු දූෂණයට අදාළ ප්රවෘත්ති අපට අසන්නට ලැබෙනවා.